(දයාරත්න ඇඹෝගම)
ජිනිවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා 13 වැනි දින ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.
මහාචාර්ය වරයා සමඟ විශ්‍රාමික මේජර් ජනරාල් සරත් වීරසේකර මහතා ද මෙම සමුළුවට එක්වනු ඇත.
මෙම සමුළුව ජිනීවා නුවරදී 14 වන දින ආරම්භ වන අතර එය 23 දින දක්වා පැවැත්වේ.විදේශ රවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනාවක් මත මානව හිම්කම් සමුළුවට මොවුන් සහභාගී වන අතර එහිදී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රධාන සමුළුවට හා අතුරු කමිටුවලට කරුණු ඉදිරිපත් කරන බව ද මහාචාර්ය වරයා අද (10) පැවසීය.
ත්රස්තවාදීන් සිදුකළ යුද අපරාධ පිලිබඳව කරුණු දැක්වීමෙදි ත්රස්තවාදීන් සිදුකළ අමානුෂික අපරාධ පිළිබඳ සාක්ෂි සහිතව කරුණු ඉදරිපත් කරන අතර ශ්‍රී ලංකා හමුදාව මානුෂීය මෙහෙයුමේදී ද්‍රවිඩ වැසියන් බේරාගත් ආකාරය පිලිබඳව ද සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන බවද මහාචාර්යවරයා මෙහිදි වැඩි දුරටත් පැවසීය.
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සිදුකරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් ඡයාරූප ප්රදර්ශනයක්ද පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි මහත්වරුනේ. රටට ආදරේ සැබෑ රටවැසියෙක් ලෙස මේ පෙරමුණ ගැනීමට මගේ ආචාරය. නමුත් රටේ පාලකයින් මේ ඇතිවෙලා තිබෙන " ධන ප්රවණතාවට " වචනයකින් හෝ කිසිම සහයෝගයක් ලබා නොදීම ගැනනම් හිතේ තියෙන්නේ පසුතැවිල්ලක්.
යහ පාලකයන්ව බෙදුම්වාදී ඩයසපොරාව මුදලට අරන් තියන බැවින් ඔවුන් මේ හැමදේටම නිහඩයි. රට වෙනුවෙන් ඉදිරිපත්වන මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය
මෙම රැස්වීම් සැප්තැම්බර් 10 දින සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. 25-26 දින දෙක ජායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ. ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් මෙය පවත්වනු ලබයි. මෙයට අමතරව ලෝකයේ විවිධ රටවල සිටින සාමාජිකයන් සහභාගි වන සමාන්තර රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිතය.
රට ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන සෑම කෙනෙක් සමග භික්ෂුවක් ඉන්නබව හාමුදුරුවරුන්ට බනින ගොබ්බයින්ට පෙනෙනවාද?
දැන් ආයේ කතා දෙකක් නැහැ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කන් දෙකේ පුළුන් ගහගෙන ඉඳීවි.
මුළු හදින් සුබ පතනවා. ඔහු යාපනයේ ඉතිහාසය පිලිබඳ කර ඇති අධ්‍යයනය මගින් නිජභූමි මිත්‍යාව ලොව හමුවේ හෙළි කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
දැන් ආණ්ඩුවෙන් යවන්නේ කවුද?
ත්රස්තවාදීන් සිදුකළ යුද අපරාධ පිලිබඳව පුදුම විය යුතු නැහැ. ඒක නේ අපි ඒගොල්ලන්ට කියන්නේ ත්රස්තවාදීන් කියල.
ඔක්කොම හොදයි. මේවගේ දේවල්වලට මුලු රටේම සහය ඕනෙනම් දේශපාලන අරමුණකින් තොරව එන්න ඕනෙ.