( ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකු , එරටින් පිටුවහල් කර අද(11) උදෑසන යළිත් ශ්‍රී ලංකාව වෙත එවා තිබුණි .
මොවුන් සියලු දෙනා යාපනය , වව්නියාව ඇතුළු උතුරු - නැගෙනහිර ප්‍රදේශ වල පදිංචි පිරිමි පුද්ගලයෝ වෙති.
මෙම පිරිස ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද උදෑසන 8.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එවා තිබුණි .
මොවුන් සමඟ එරට ආරක්ෂක නිලධාරීහු විශාල පිරිසක් ද එම ගුවන් යානයෙන් පැමිණ සිටියහ .
කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මෙම පිරිස භාර දී ඇති අතර, ඔවුන් මෙම පිරිස ජාතික රහස් තොරතුරු ඒකකයට සහ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර පරීක්ෂණ සදහා භාර දී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුරුදහන් කට්ටිය ගොඩක් ඔතන ඇති පොඩ්ඩක් බැලුවොත් හොදා!