(මහින්ද නිශ්ශංක)
ඔටෝඩීසල් මිල වැඩි කිරීම හේතුවෙන් පාසල් ළමුන් ප්රවාහනය කරන බස් හා වෑන් රථ රියදුරන් ඔවුන්ගේ ගාස්තු 5%කින් ඉහළ දැමීමට අද(11) තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්රී ද සිල්වා මහතා පැවසීය.
මේ මාසයේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්රියාත්මක කරන බව ද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ පාසැල් සිසුන් ප්රවාහන කරන බස් හා වෑන් රථවල තත්වය ඉතා කණගාටුදායකය. ඒ වගේම පාසැල් නිවාඩූ කාලවලදී පවා දරුවන්ගෙන් ප්රවාහන ගාස්තු අය කරමින් ඉතාමත් අසාධාරණ ගාස්තු ක්රමයක් පවත්වාගෙන යන මේ සිසු ප්රවාහන සේවය ඉන්ධන මිල ඉහළ ගියවිට ප්රවාහන ගාස්තු
කිසිම වගක් නැතුව මහා ජනතාව පිට මේ ආකාරයට බර පටවන අයට දඩුවම් ලැබෙයි.....
කාට කියන්නද මේ දුක... ඔබ හැර.
ඒ පාර මාසෙන් මාසේ පෙට්රෝල් ඩීසල් මිල වැඩි වෙන්නේ පටන් ගත්තා. මාසේ පඩිය ගන්න අපිට අවුරුද්දටම වැඩි වෙන්නේ රුපියල් එක්දහස් පන්සීයයි කාට කියන්නද මේ දුක.
වැඩි උනේ රුපියල් 4, වෑන් එකක් ලීටරේට කිමි 4-5, ඒ කියන්නෙ වැඩිවීම කිමි රුපියලයි. යන ළමයි ගාන 20 - 25, කොහොමද මේ අයගේ වැඩි කිරීම චක්කරේ? මේ අයත් අර බාස්ලා වගේ පිරිසක්. කොච්චර හම්බ කරත් වගතුවක් නෑ. මොකො අහින්සක දෙමාපියන්ගෙන් ගරා කනවා. කවදාවත් ගාන අඩු කරලා තියෙනවද තෙල් මිල බැස්සම? මේව ගැන තමයි ආණ්ඩුව වග කියන්න ඕනෙ. හරි ප්රතිපත්තියක් එක්ක කාර්යක්ශම, ආරක්ෂාව එක්ක පාසල් වාහන පාලනයක් ගේන්න ඕනෙ. අනික පොල් පැටෙව්වා වගේ ළමයි දාගෙන දාඩියෙන් නාවගෙන අරන් යන්නෙ.