තායිවාන බැංකු වංචාව සොයන්න තිදෙනෙක් ලංකාවට පෙරදින රාත්‍රියේ එම නිලධාරීන් තිදෙනා දිවයිනට පැමිණ ඇති අතර ෆා ඊස්ටන් බැංකුවේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එහි ඇමරිකා ඩොලර් මිලියන 60කට අධික මුදලක් වෙනත් ගිණුමකට හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් ද සම්බන්ධ වී ඇති බවට ලැබුණු තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය. 12 October 2017
නිධන් හැරූවැයි 09ක් සැකපිට හබරණ තූම්බිකුලම රක්ෂිතයේ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඉපැරණි දාගැබක් විනාශ කරමින් නිධන් හාරමින් සිටි බව කියන නව දෙනකු අද (12) අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි. 12 October 2017
අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි රිමාන්ඩ් අධිකරණ නියෝග කඩ කරමින් ඉකුත්දා කොල්ලුපිටියේ පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(12) නියෝග කළාය. 12 October 2017
දුම්රිය වර්ජනය අඛණ්ඩව තම ඉල්ලීම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 12 October 2017
පුත්තලමේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට කරුවලගස්වැව - සියඹලෑව රක්ෂිතයක් තුළ අද (12) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 12 October 2017
ප්රභාගේ සිරුර දුටු විට කනගාටුවක් දැනුනා - රාහුල් ගාන්ධි එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මළ සිරුරු දුටු විට කනගාටුදායක හැඟීමක් ඇති වූ බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ උපනායක රාහුල් ගාන්ධි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (11) වාර්තා කළේය. 11 October 2017
අංගොඩ ගෙවල් කොළඹ අඩු ආදායම්ලාභීහු එපා කියති කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අංගොඩ ඉදිකරන ලද සියලු පහසුකම් සහිත නිවාස 500ක් එම ජනතාව ප්‍රතික්ෂේප කළ නිසා අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 11 October 2017
දුම්රිය වර්ජනයෙන් කොටුව දුම්රියපොළ උණුසුම් වෙයි එක්වරම දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටින මගීන් විරෝධය පෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. 11 October 2017
ජනපති හමුවෙන්න විමල් යයි බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (11) පැවසීය. 11 October 2017
ලිට්රෝ සභාපති ලාංකිකයකු නොවේ තායිවාන බැංකුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට අද (11) දැනුම් දුන්නේය. 11 October 2017
දුම්රිය රියදුරෝ අද රාත්‍රියේ සිට වැඩ වරති අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වන බව ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති ඩී සී පී පරණවිතාන මහතා කියයි. 11 October 2017
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව අලුත් සන්ධානයක් දෙමළ ජාතික සන්ධානයට (ටී.එන්.ඒ.) විරුද්ධ පෙරමුණක් පිහිටුවීම සඳහා උතුරේ ද්‍රවිඩ නායකයන් කිහිපදෙනෙකු එකතු වී ඇතැයි ආරංචි මාර්ග කියයි. 11 October 2017
නඩු නැති නම් නිදහස් කරන්න - රාජිත බන්ධනාගාර ගත කර සිටින එල්.ටී.ටීඊ රැඳවියන් අතුරින් ඉදිරි නීතිමය පියවර ගැනීමට නොමැති අය සිටී නම් , ඔවුන් නිදහස් කළ යුතුයැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා (11) පැවසීය. 11 October 2017
රත්තොට පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කළැයි චෝදනා මත රත්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා මීට සුළු වේලාවකට පෙරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 October 2017
චොකා මල්ලී බේරන්නැයි ඩිඅයිජි කියලා කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස බී වාර්තාවේ පේ‍්‍රමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමැතිවරයාගේ නම නොතිබිය යුතු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දුරකතයෙන් දැනුම් දුන් බව කහවත්ත පොලිස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ලලිත් පුෂ්පකුමාර රාජමන්ත්රී මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ පැවසීය. 11 October 2017
රයන් ජයලත් යළිත් රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 20 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (11) නියෝග කළේය. 11 October 2017
පර්පෙචුවල් ලිපි ගොනු දෙක වහාම ඉල්ලයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ටේරෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි 11 October 2017
සිසුවාට පොලිසිය පහරදුන්නාදැයි සොයයි සිසුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටු පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසැල් සිසුවාට මොරටු පොලිසියේදී පහරදීමක් සිදුවී ඇතිදැයි සොයා බැලීමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය. 11 October 2017
ප්රවෘත්ති වැඩබලන අධ්‍යක්ෂක සුදර්ශන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ.මෙම පත්වීම අද(11) සිදුකර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 11 October 2017
කැලණි සරසවිය 16 දා යළි ඇරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලය ඔක්තෝබර් 16වැනිදා යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි. 11 October 2017
බොරු නඩු දැම්මාට වන්දිය ලක්ෂ හතක් සෞදි අරාබියේ ගෘහ රියැදුරකු සේ සේවය කළ ශ්‍රී ලාංකිකයකු අසත්‍ය චෝදනා නගමින් සිරගත කළ හාම්පුතාගෙන් රුපියල් හත් ලක්ෂයක් වන්දි ලෙස ලබා ගත හැකි වී ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. 11 October 2017
වත්කම් බැරකම් සම්බන්ධ අයකරන දඩ වැඩිවෙයි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම, එම ප්‍රකාශයේ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම සහ අවශ්‍ය අවස්ථාවන් හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අයකරනු ලබන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 11 October 2017
ලක් කතක් සාජාහිදී ඇසිඩ් ප්‍රහාරයකින් මියයයි සාජාහි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් (25) ඇගේ සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 11 October 2017
බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අහසේ සැරිසරයි බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අර්ධද්වීපයට ඉහලින් ගමන් කරවූ බව ඇමරිකාව පවසයි. ඇමරිකාවට අයත් බී -1බි ප්‍රහාරක යානා සහ දකුණු කොරියාවට අයත් එෆ් - 15කේ යුද යානා එක්ව මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ. 11 October 2017
උතුරේ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් කොන්දේසි මාලාවක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් 13වැනිදා උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සහාය දෙන්නැයි දෙමළ ජනතා සභාව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කර ඇත. 11 October 2017
ලිට්රෝ සභාපතිගේ වැඩ තහනම් තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළුවී රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි අත්අඩංගුවට ගනු ලැබ සිටින ලිට්රෝ ගෑස් සමාගමේ මෙරට සභාපති ශලීල මුණසිංහ ගේ වැඩ තහනම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසයි. 11 October 2017
ශලීල මුණසිංහ යළි රිමාන්ඩ් තායිවාන බැංකුවක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් ශ්‍රී ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ලබන ඔක්තෝබර් 25 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය. 11 October 2017
ගුවන් තොටෙන් වල්ලපට්ටා තොගයක් අල්ලයි වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් බලා රැගෙන යෑමට තැත් කළ 57 හැවිරිදි කුවේට් ජාතිකයෙකු අද (11) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් , රේගු අත් අඩංගුවට භාර දී ඇතැයි රේගු මාධ්යත ප්රවකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 11 October 2017
විගණන පනතට කැබිනට් අනුමැතිය ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා විසිනි. 11 October 2017
දයාසිරි-කිරිඇල්ල කැබිනට්ටුවේදී හැප්පෙති මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් ඊයේ (10) පැවැති කැබිනට් රැස්වීම දැඩි උණුසුම්කාරී වූ බව වාර්තාවේ. 11 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026