(නාලක සංජීව දහනායක)
.
ඒකාබද්ධ විපක්ෂය පසුගිය පස් වැනිදා පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් පානය කිරීමෙන් තමන්ද දින තුනක් පමණ රෝගාතුරව සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය.
විරෝධතාවය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් තුනක් පමන තම රියදුරා ගෙනවිත් තිබූ බවත් තමන් ඉන් එක් කිරිපැකට් එකක් පානය කිරීමෙන් එම අජීර්ණ තත්ත්වය ඇතිවූ බවත් එම රොගී තත්ත්වය තවමත් සුවවී නැතැ බවත් ඔහු කීවේය.
තමන්ට ලැබුණු කිරිපැකට්ටුවේ නිෂ්පාදිත දිනය ලෙස පසුගිය මස 24 වැනිදාත් කල් ඉකුත්වන දිනය ලෙස මේ මස 30 වැනිදාත් සටහන්ව තිබූ බවද ඔහු පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ෂන්ග්රිලා හෝටලෙන් බිව් කිරි මඳි වෙලාද අර අහිංසකයන්ගේ කිරි පැකට්ටුවටත් විද්දේ?
මොකද මේ ""කිසියම් පිරිසක්"" විසින් බෙදා හරින ලද කිරි පැකට් කියන්නේ ?? ඕවා බෙදුවේ අපේ සංවිධායකයෝ කියලා කියන්න ලැජ්ජද?? ෆ්‍රිජ් එකේ තියන්න ඕනෑ දේවල් ගිනි අව්වේ පාරවල් අයිනේ ගොඩ ගහලා තියලා ඔයින් බේරුනා ඇති........
හොර ගෙඩියා, මරා ළඟ හිනා වේවි හිටියා අපි දැක්කා !
නිෂ්පාදිත සහ කල් ඉකුත්වෙන දින ගණන් එහෙම බලලා තමයි එහෙනම් බීල තියෙන්නේ... නිකන් හම්බ වෙනවා නම් හොරිත් හොඳයි කීවලු කහකහ ඉන්න. මේකත් ඒවගේ දෙයක් තමයි. අපි දැක්කා "ලෙඩ වෙලා කියලා කියන කොට "දත් තිස් දෙකම පෙන්න පෙන්නා හිනහ වෙවී පිටිපස්සට වෙලා හිටිය හැටි. අසනීප බවක් නම් පෙනෙන්න තිබුනේ නැහැ. නෝචොක් හිනාවෙන්ම අපට නම් පෙනුනේ මේක තවත් විනෝද සමයක් කියලා තමයි. ඉන්දියාවේදී "ඉදිරි 2019 ජනාධිපතිවරණයේදී සහ ඊළඟ මහ මැතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ දේශපාලන සන්ධානයට නායකත්වය දෙන බවත් තම පාර්ශ්වයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් 100% ක් විශ්වාස බවත් ඒ පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත්" ඔබතුමාලගේම නිල නොලත් නායකතුමා ප්‍රකාශ කර තිබුනනේ. ඉතින් මක්කටෙයි මේ කොහේදෝ යන කිරි පැකට්ටුවක් අල්ලාගෙන නහයෙන් අඬන්නේ...?
එක බොරුවක් වහන්න තව බොරුවක් කිව්වා..
දුප්පතාගේ දේ කන කොට ඔහොම වෙනවා. ඔය කට්ටිය පරිස්සමින් ඉන්න කාපු ඒවල ප්‍රතිඵල ලැබෙන්නේ පසුවට...
මන්ත්‍රීතුමෝ කල් ඉකුත් වෙච්ච කිරි බීලද අර පරපුර වැනිවැනී නටනට ගියේ. කල් ඉකුත් වෙච්ච කිරි බිව්වාම වෙරි වෙනවා කියලා දන්නේ නැතුව හිටියේ... පව්
පව් අනේ මන්ත්‍රී ඩලස්. ඔයාලට පව් කියලා හිතෙන්නේ නැත්ද?