(අනීෂා මානගේ)
පුද්ගලයෙකුට පහරදී ඔහු සන්තකයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අගුණකොළපැලැස්ස ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව මිද්දෙණිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා කොන්ත්රාත් පදනම මත පස් සැපයීමේ නිරත වන අයෙක් වන අතර තවත් එවැනිම කොන්ත්රාත්කරුවෙකු සමඟ ඊයේ(11) රාත්රී ගැටුමක් ඇතිවී තිබේ.
එම අවස්ථාවේදී කොන්ත්රාත්කරුට පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් හා ඔහු පැළඳ සිටි රන් මාලයක් පැහැරගත්තේ යැයි එම පුද්ගලයා විසින් මිද්දෙණිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා වීරකැටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මන්ත්රී? නම දාන්නේ නැත්තේ මොකද?
මොන පක්ෂේ උනත්, දෙස්පාලුවෙක් නේද? නඩුව ඉවරවෙනකම් ඇප දීම ප්රතික්ෂේප කරන්න. එළියේ හිටියොත් තව තව කොමිස් ගහයි මහජන මුදල් ගසාකයි.