නිමන්ති රණසිංහ
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ විදෙස් සංචාරය නිම කර මෙරටට පැමිණි පසු ඔහුගෙන් ප්‍රශ්න කිරිමට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ප්‍රකාශ කළේය.
පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු අනාවරණය කළේය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපතිවරයා මෙරට නියෝජනය කරමින් මෙක්සිකෝ රාජ්‍යය වෙත ගොස් ඇති බවත් ඔහු නැවත මෙරටට පැමිණි පසු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගන්නා බවට ද මෙහිදී වැඩිදුරටත් සඳහන් විය.
මෙම සිද්ධීයට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නේවි සම්පත් නොහොත් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි බරපතල අපරාධයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට නම් කල යුත්තේ වහාම මෙරටට ගෙන්වීමයි............
ආපහු ආවොතින්නේ ප්‍රශ්න කරන්නේ.
අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ කියලා පොඩි කාලේ අපේ ආච්චි අම්ම මට ප්රස්ථා පිරුලක් කියලා දීලා තියෙනවා..
දෙකේ පන්තියේ ළමයෙකුට වුණත් තේරෙනවා වර්තමාන රජය මේ සියල්ල සිදුකරන්නේ රාජපක්ෂවරුන්ගේ අනුදැනුම ඇතිව කියා... මේවා නිකම් මාධ්‍ය සංදර්ශන පමණයි.
මුහුණ බලාගෙන ලඟින් තියාගෙන අතගගා ප්‍රශ්න කරන්න ඕනෑම නම් එනකල්ම ඉන්න වෙනවා.... නැතිනම් ඔය ටෙලිෆෝන්, ස්කයිප් අරවා, මේවා තියෙන්නේ ප්‍රශ්න කරන්න.