(සුජිත් හේවාජුලිගේ)
ගිය ආණ්ඩුව හදපු කුණු කඳු තුනක් අපේ ඇඟට කඩා වැටුණා.අපි ඒ කුණු කඳු තුනෙන්ම ගොඩට ආවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මීතොටමුල්ල කුණු කන්ද , සයිටම් කුණු කන්ද හා ජාත්‍යන්තර බලපෑම් නමැති කුණු කන්ද ඒ කුණු කඳු තුන යැයිද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළොන්නාව මණ්ඩාවල ‘‘ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස්‘‘ නිවාස සංකීර්ණය ජනාතා අයිතියට පත් කිරීමෙන් පසුව එම නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී අද (12) පැවැති උත්සවයේදීය.
ඡායාරූප - ගයාන් අමරසේකර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහබැංකු කුණු කන්ද අමතකද?
ඒ වුණත් හිමාලයට වඩා උසයි ඩොලර් එකේ මිල නේද? එ්කත් වට්ටන්න. ලැබුනොත් රට ගොඩ...
කොහෙද මීතොටමුල්ල කුණු කන්දෙන් ගොඩ ආවේ කියන්නේ? එතන ජීවිත ගණනාවක් අහිමිවුණා. ගොඩවුණානං, මෙහෙම ජීවිත අහිමි වෙනවද? සයිටමුත් තාම අදිනවා. ඊයෙත් උද්ගෝෂණ...
ගරු ජනාධිපතිතුමනි, ඉතින් ඒ කුණු කඳු 3 ම පසුගිය ආණ්ඩුවේ ඉඳලාම ඔබතුමත් අඩු වැඩි වශයෙන් දායක වෙලානේ. අදටත් කුණු කඳු 3නෙම ප්‍රශ්න අවසන් නැහැනේ..මිතොටමුල්ලේ කුණු තවමත් තියෙනවා. සයිටම් කියන්නේ මෝඩ , තකතීරු, කට්ට දේශපාලකයින් විසින් නිර්මාණය කරන ලද අශුචි කන්දක්. ඒ ප්රශ්නය තවමත් අවසන් නැහැනේ..ජාත්‍යන්තර බලපෑම් ඉවර වුනේ නැහැනේ ..ඒ කියන්නේ මේ රජයත් තවම ඒ කියන්නේ අවුරුදු 3ක්ම මේ කුණු කඳු 3ම තියාගෙන රටම ගඳ ගස්වනවා.
අපි මේදවස්වල අනුන්ගේ කුණු රෙදිමයි හෝදන්නේ " මෙයා "....අනුන්ගේ කුණු තිබුන නිසා තමයි අපි මෙතනට අවේ ඒ කුණු පෙන්නලා , ඉතින් දැන් ඒ අයගේ කුනුම තමා තාමත් හෝදන්නේ.
මේ වගේ බොරු කියන මොන්ටිසෝරි මොළයක් තියෙන මනුස්සයෙක් ජනාධිපති කලාට ලක්ෂ 62 විතරක් නෙමෙයි මුළු රටම දුක් වෙනවා..මේ කියන ප්‍රශ්න තුනම තාම තියෙනවා ...ජාත්‍යන්තරය ජයගත්තු කතා කියලා ලොකේ වටේට හිඟා කනවා..තාමත් ජාත්‍යන්තර මාධ්‍ය වල පෙන්නන්නේ කජු කතාව..
ගිය ආණ්ඩුව කාලේ මෙයා කොහේද දන්නේ නෑ හිටියේ.
හතරවෙනි කුනුකන්ද තමයි මහා බැංකු කොල්ලය. ඒ කුනුකන්දට රටම යටවුනා.
නමුත් මහා බැංකුව වගේ කුණු ගාගත්තා නේද?
මෙයැයිට මේවා ආස්යාත්තරාවෙ කජු කනවා වගෙ ඕයි!
කුණු කදු 3න් ගොඩ ඇවිත් මුළු රටම කුණු කන්දකට ඇද දැම්මා නේද.?
ඔබතුමා මම දන්නා කලෙක ඉඳල පැවතුණ හැම අන්ඩුවකම සෞඛ්‍ය කෘෂිකර්ම වැනි ඇමති තනතුරු දරුවා , දැන් ජනාධිපති සහ පරිසර ඇමති, ඔබතුමාට ලෙහෙසියෙන් මේ කුණු ප්‍රශ්නෙන් ගැලවිලා යන්න බැහැ කොළඹ කුණු ප්රශ්නය විසදන්න අරගත්තු පියවර ගැන සැහීමකට පත් විය නොහැක , පසුගිය කලේ ලෝකේ වටේ රවුම් ගැහුවත් , එම රටවල තිබෙන විදිහට ලංකාවේ එකම නගරයකට හෝ සම්පුර්ණයෙන් කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමට ප්රතිචක්රාගාරයක් ඉදිකිරීමට ඔබතුමා අපොහොසත් වී ඇත , දැනුත් කරනු ලබන්නේ මිතොට මුල්ල කුණුකන්දට කුණු නොදමා කොහේ හරි කුණු ගොඩ ගැසීමය......... හැම දෙයකටම බැහැ , තහනම් කියමින් රටක් දියුණු කල නොහැක
සයිටම් එක කුණු කන්දක්ද? අපේ රටට කාගේ පිහිටක්ද ඉතින්?
ඒ කුණු කදු 3 විතරක් නෙමෙයි දැන් රට පුරාම කුණු. මෙයාල හදපු ලෝකේ විශාලම කුණු කන්ද වන මහබැංකු කොල්ලයෙන් රටේම ජනතාව විතරක් නෙමෙයි , උපදින්න ඉන්න පරම්පරා ටිකත් දැනටම මියැදිලා....
අපිව පුලුවන් තරම් හූරන් කාල, වල පල්ලට යවලා දැන් එනව ගොඩ ගියා කියල කියන්න. මීතොටමුල්ලෙ කුණු කන්ද නිසා අසරණ වෙච්ච මිනිස්සු තාම දුක් විඳිනව. සාලාවට ගිනි තියල ඒකෙන් අසරණ වෙච්ච මිනිස්සු තාම දුක් විඳිනව. මහ බැංකුව හොරා කාල එකෙන් මුලු රටම දුක් විඳිනව (ණය පොලී වැඩි කරල, පුංචි ළමයගෙ ඉතුරුම් ගිණුමෙන් ලැබෙන පොලියට 5% ටැක්ස් එකක් ගහල තියෙන්නෙ මේව හින්දනෙ) ඩොලර් එකේ ගාන 200 ට කිට්ටු කරගෙන යනව. ඒකෙන් මේ රටට ගෙන්වන හැම භාණ්ඩයකම ගාන වැඩි වෙනවා. දුප්පත් මනුස්සයෙක්ට ණයක් අරන් වත් ගෙයක් හදා ගන්න බැරි තත්වයකට පත් කරල තියෙනවා.
ගිය ආණ්ඩුවට දොස් නගන්නේ හිටපු හා තවමත් ඉන්න තැන අමතක වේලාද
ආය දෙකක් නැහැ, කිව්වොත් හිනායන කතාවක් තමා.
ඔය පරණ කතා හැර අලුත් කතා මොකුත් නැද්ද?