(මුදිතා දයානන්ද)
සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයට දේශන ශාලා පහසුකම් නොමැතිවිම ඇතුලූ ගැටලූ රැසක් මූලික කරගනිමින් සබරගමු විශ්ව විද්‍යලයීය මහා ශිෂ්‍ය සංගමය අද (12) කොළඹ කොටුවේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වූහ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළින් ගමන් ආරම්භ කළ මෙම උද්ඝෝෂණ පෙළපාලිය කොම්පඤ්ඤ වීදිය, ඩාර්ලි පාර, ඉබ්බන්වල මංසන්ධිය ඔස්සේ වෝඞ් පෙදෙස දක්වා ගමන් කරනු ලැබිණි.
වෝඞ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආසන්නයේ ජල ප්‍රහාරක රථ දෙකක් රඳවා තිබූ අතර පොලිස් ආරක්ෂාවද දැඩිකර තිබිණ. එහෙත් එම ස්ථානය දක්වා ගමන් කිරිමේදි සිසු සිසුවියන්ට පොලිසියෙන් කිසිදු බාධාවක් නොවිය.
මාර්ග බාධක් කිසිවක්ද යොදා තිබුණේ නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිවිසුම් දොරටු ඉබි යතුරු දමා වසා තිබූ අතර සිසුන්ගේ ගැටලූ පිළිබඳව ඇතුලත් වාර්තාව භාරගැනීමට කිසිදු වගකිව යුතු නිලධාරියෙක් පිටතට පැමිණියේ නැත. සිසු සිසුවියන් එම ස්ථානය ඉදිරිපිට මාර්ගයේ එකන් මංතීරුවක් වසාගනිමින් බිම වාඩිවි පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදී සිට විසිර ගියහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ හද්දා පිටිසර තියෙන විශ්වවිද්‍යාල වලට ආචාර්යවරු එන්නේ නෑ. ඉන්න ටිකත් සතියටම දවසයි දෙකයි දේශන කරන්නේ. ඉතුරු දවස් ගෙදර. එන දවසෙ ඔක්කොම දේශන ටික කරන්න ගියාම දේශන ශාලා හිඟයි කියනවා. අනික ඔය වගේ විශ්වවිද්‍යාලවල ඇතුළු වෙන ළමයින්ගෙන් ගොඩක් අය අතරමගදි දාලා යනවා වැඩක් නැති හින්දා.