(ඩයනා උදයංගනී)
ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට ලැබිය යුතු දෛනික ආදායමෙන් සැලකිය යුතු කොටසක් විවිධ අයථා ක්‍රියා නිසා අහිමිවීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
එම පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව එම අයථා ක්‍රියා වැළැක්වීම හරහා එහි ආදායම් තත්ත්වය වර්ධනය කරගැනීමට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සංශෝධන කලත් ඔතන ඉන්න දේශපාලකයෝ ඉවත් කරනකම් ලාභ ලබන්න බෑ...