(නිමන්ති රණසිංහ)
ප්රංශයේ රියුනියන් දුපත බලා බහුදින ධීවර යාත්රාවක නැගී මෙරටින් පිටවීමට තැත්කළැයි නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් මීගමුව ප්රදේශයේ පුද්ගලයින් 90 දෙනා ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් දුලානි අමරසිංහ මහත්මිය නියෝග කළාය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මඩකලපුව, මාරවිල, වව්නියාව, කිලිනොච්චිය, වාකරේ, අම්පාර, උඩප්පුව, මාතර, මාතලේ, ගාල්ල, තොඩුවාව, හලාවත ආදී ප්රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් 89 දෙනෙකු සහ කාන්තාවකි. මෙම සැකකරුවන් අතර අදාළ බහුදින යාත්රාවේ හිමිකරු වූ දකුණු තුඩුවාව, තුඩුවාව පදිංචි වර්ණකුලසූරිය මිල්ටන් ප්රනාන්දු යන අයද සිටී.
රංගල නාවික හමුදා කදවුරේ ලූතිනන් කමාන්ඩර් තෙවරප්පෙරුම යන අය විසින් ඉකුත් 10 වැනි දින මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිසිය වෙත භාරදී තිබූ අතර, කොළඹ වරාය පොලීසිය විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැතුව කියන්න මේ ජරා රට එපාවෙලා යන්න හදන්නේ. එහෙම ගිහිල්ලා මුහුදේ මලත් කමක්නැහැ කියලා.
මේ අප ඉපදුන රත්තරන් රටේ වරදක් නෙවෙයි රට පාලනය කරන්න පත්කරගත් අයගේ වරද...