මනෝප්රිය ගුණසේකර
ගාලු වරායට එපිට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලස් මුදලක් ලබාදීම හා ලබා ගැනීම යන චෝදනාව මත තමන් නිවැරදිකරුවන් බව ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට දැනුම් දුන්නේය.
ඒ අනුව ඔවුන්ට චෝදනා කියවා දුන් අවස්ථාවේ දී සැකකරුවන් නිවැරදිකරුවන් බව පැවසු අතර ඒ අනුව නඩුව විභාග කිරිමට මහාධිකරණය තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඕකට අර වැටිල තියෙන නඩු වලට තහනම් නියෝග ඉල්ල ඉල්ලා උසාවියන එක්කෙනෙකුගේ නමත් ගෑවිලා කියල කතාවකුත් ඒකාලේ තිබුණ නේද? දැන් ඒක මැකිලා ගිහිල්ලද?
ඡන්දය ලගද? ඔක්කම දුෂණ චෝදනා ටික එළියට එන්නේ? නමුත් මේ ආණ්ඩුවේ ඒවා ටික ඊළඟ ආණ්ඩුවට ඉතිරි කරනවා වගේ.
ලංකාවේ සිදුවෙච්ච විශාලම විදේශ විනිමය හොරකම මේකයි. මේ ඇවන්ගාඩ් කියලා කලේ යුද්ධයෙන් අල්ලපු විශාල වෙපන් තොගගණං. මේ ඇවන්ගාඩ් හරහා පිටරටවලට වික්කා. මේවායින් ඩොලර් කෝටි ගනන් අර ලොක්කන් සාක්කුවේ දාගත්තා. මේවා තනිකරම මහජන මුදල් කොල්ලකෑමක්. මේ සඳහා කොමිසමක් පත්කරලා මේ හොරාකාපු කෝටි ගණන් මහජන මුදල් රාජසන්තක කරන්න.