(ආරියරත්න රණබාහු)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බරපතල චෝදනාවකට ලක්වු ශ්‍රී ලංකා ගුවන් සමාගම මගින් ලබා දුන් ‘කජු‘ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට එම සමාගම තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදිපයට පැවැසීය.
එම නුසුදුසු ‘කජු‘ ආනයනය කළ ඩුබායි සමාගමින් නැවත ඒවා ගැනීම නතර කළ බවද කී එම ප්‍රකාශකයා ඉදිරියේදී ගුණාත්මක සුදුසු ආහාර මගීන්ට ලබා දීම කෙරෙහි සමාගම වැඩි අවධානය යොමු කර ඇති බවද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ගුවන් සේවය අද පාඩු ලබන හැටියට මා සිතන්නේ කජු වෙනුවට සාරවිට වැනි දෙයක් මගීන්ට දීම වඩා යෝග්‍ය බවයි.
ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ තත්වයක ඇති අපේ කජු නැතිවටද ඩුබායි දේශයෙන් කජු ආනයනය කරන්නේ? කාගේ සාක්කුවටද කොමිස් වැටුනේ..?
ලෝකයේ හොඳම කජු ලංකාවේ තියෙද්දී එකත් පිටරටින් ගෙන්වන්නේ. කජු සංස්ථාවත් එක්ක එකතුවෙලා අපේ කජු ප්‍රවර්ධන වැඩසටහනක් කරන්න. තේ වලටද එසේම කරන්න එවිට ඔවුන් හොඳ නිෂ්පාදන අඩුවට දෙයි. ඔයගොල්ලන්ගේ කලමනාකාරවරුන්ට හීනෙන් වත් මේ අදහස් පහල වෙන්නේ නැත්තේ ඇයි?
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෙරලෙන පැත්ත හොඳා කිව්වලු!!. ජනාධිපති තුමා කජු දෙන්න එපා කිව්වේ නැහැ, කුණු කජු ගුවන් මගීන්ට දෙන්න එපා කියාලයි කිව්වේ. මගින් ගෙන් සුපිරි මිලක් ගුවන් ප්‍රවේශ පත්‍රයට අරගෙනත් එයාලට කුණු වෙච්චි කජු දුනාම හරිද? සවුත්තුයි නේද වැඩේ? ලංකාව සුපිරි කජු නිපදවන රටක්. ඒ නිසා තම ගුවන් මගීන්ට කජු දෙනවානම් හොඳ කජු දෙන්න. ඕක එයාර් ලංකා කාලේ ඉස්තරම් කෑම මගීන්ට සපයපු ආසියාවේ ඉස්තරම් ගුවන් සමාගමක්. එකටත් දැන් ගිහින් තියෙන කල දසාවක හැටි.
ටිකට් එකත් ගණන් අනිත් ගුවන් සමාගම් වලට වැඩිය.
සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් ඉටුකරමින් නව ජනපති සිදුකල මහා වෙනසට අපගේ ප්‍රණාමය...
ඇයි ලංකාවේ කජු නැද්ද ඩුබායි වලින් ගන්න
කොහොමත් ඔය කජු දෙවන පන්තියේ එන මගීන්ට ලැබෙන්නේ නැහැ. පළමුවෙනි පන්තියේ එන මගින් ස්වල්පයකට පමණි ලැබෙන්නේ. දෙවන පන්තියේ ආසනවල එන සාමාන්‍ය ජනතාවට කුඩා බයිට් පැකට් එකක් දෙන්නේ.
ශ්‍රීලාංකන් කජු ප්රශ්නය විසදු ඒ වීරෝධාර අසහාය නයකයාට ජාතියේ උත්තමාචාරය......
මහ බැංකු මංකොල්ලය ටත් වඩා සිදුවූ මෙම බරපතළ වංචාවක් ගැන ඔබතුමා ගත් අභීත තීරණය ගැන අපි ආඩම්බර වෙමු
කජු විතරක් නොවෙයි. ශ්‍රී ලංකා කාර්යමණ්ඩලයත් අත්හිටුවිය යුතුයි
රට ඇතුලේ තිබෙන කජුත් කන්න බැහැ.
ජනාධිපතිතුමනි ඔබ තුමා ගමේ කෙනෙක් නිසා නරකද බුලත්විටක් දුන්නොත් මගින්ට හප හපා යන්න
හොඳ වැඩේ ජනාධිපති තුමාට කුණු කජු දුන්නට.
අපි එදාවේල කන්න බැරුව ලතවෙනවා, මෙයා නිකන් හම්බවුණ කජු කන්න බැරිව ලතවෙනවා ,එකම රටක් ඉරණම් දෙකක්....
ලේලිත් එක්කම නම් කොහොමටත් කන්න බැහැ!
ඔය ලොක්කන්ව පත්කලෙත් එතුමා නේද. අපි ලංකාවෙන් ආහාර ඩුබායි වලට ගෙනියනවා මේ අය එහෙන් අරන් අපිට දෙනවා.
අන්න ඒක තමයි අපි කවදාවත් ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් යන්නේ නැතුව කටාර් එයාර්වේස් යන්නේ. අපේ අයගේ ලොකුකම් බලනවට වඩා ඒක දාහෙන් සම්පතයි. අනික ඒවගේ හැමොටම එකම සැලකිල්ල. වෙනසක් නෑ.
දැන් කෑම නම් හොඳම නැහැ...