(ඩයනා උදයංගනී)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එකතු වන අළුවලින් ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
එහිදී එම අළු අවට පරිසරයට මුදාහැරීමක් නොකර අළු අංගන පරිශ්‍රයේදීම ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා ලැබුණු යෝජනාවකට අනුමැතිය ලබාදීම වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අද (12) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනයෙන් එකතු වී ඇති අළු තොගය හේතුවෙන් අවට ගම්මානවල ජනතාවට හා පරිසරයට ඇති වී ඇති අහිතකර බලපෑම සළකා එය කඩිනමින් ඉවත් කළ යුතුව පවතින බැවින් මෙම තීරණය ගෙන ඇත.
එහි පියවරක් ලෙස එම අළු පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා ලබාදීමට තීරණය කෙරුණු බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අළුවලින් හදන ගඩොල් භාවිතයෙන් පිළිකා හෝ ශ්වසන රෝග ඇතිවේදැයි පරීක්ෂණ කරලම අනුමැතිය දුන්නා නම් තමයි හොඳ....
හොද අදහසක්, බිත්ති කපරාරු කරාම මොකුත් වෙන්නේ නැනේ පරිසරයට,
අළුවලින් 60% වැලි 30% සහ සිමෙන්ති 10% වතුර සමග මිශ්‍ර කර යන්ත්‍රයකින් පීඩනයට ලක් කිරීම මගින් මැටි ගඩොලකට වඩා ශක්තිමත් ගඩොලක් සාදාගත හැකිය. ගගේ වැලි වෙනුවට ගල් කුඩු භාවිතා කිරීමට හැකි වීම සහ මැටි ගඩොල් මෙන් දර දමා පිළිස්සීමට අනවශ්‍ය බැවින් මේ ගඩොල් ඉතා පරිසර හිතකාමිය. පරිසරය වනසන අළු කිසියම් ප්‍රයෝජනයක් ගැනීම මගින් අවම කිරීම එයටත් වඩා පරිසර හිතකාමිය. මේ ගඩොල් වලින් හදන නිවාස මැටි ගඩොලකින් හදන නිවාස වලට වඩා මදක් උණුසුම් වැඩිවීම එක් අවාසියකි. දෙවනුව ඉතා සියුම් අළු පෙනහළු ගතවීමෙන් දරුණු පෙනහළු රෝග ඇතිවෙන බැවින් පිට පලාත්වලට අළු ගෙනගොස් හදනවාට වඩා එම ස්ථානයේම හැදීම යහපත් කරුණකි. එහෙත් මේ කටයුත්තත් ඉන්දියානු හෝ චීන සමාගමකට විකිණීම කිසිසේත් නොකළ යුතුමය. දේශීය සමාගමක් යොදා මේවා නිෂ්පාදනය කරන්නට කැක්කුමක් හා කොන්දක් දේශපාලකයන්ට ලැබේවා. මෙසේ කියන්නේ මේ වනවිට විදේශ සමාගම්වලට තරු පහේ හෝටල් තුලදී දේශපාලකයන් මුණ ගස්වා රටේ දේවල් පිට රටට විකුණන බ්‍රොකර්ලා රැසක් සල්ලි විසිකරමින් රට ගිලගනිමින් සිටින බව දන්නා නිසාමය. ඒ ගැන පසුවට.
පහුගිය දවස්වල මෙම පුවත් පතේම තිබු ප්රවුර්තියකට ඔය අදහස මැද පෙරදිග අයෙක් පළකර තිබුනා. කවුරුහරි කොපි කරලාද? කමක් නැහැ. කොහොම උනත් ඕනෑම ව්‍යාපෘතියක අතුරු නිෂ්පාදන ප්‍රයෝජනයට ගන්න එක ලාබදායි ක්‍රියාවක්. කරන්න තිබුනේ ව්‍යාපෘතිය පටන් ගන්නකොටම.
ඊළඟ ඡන්දෙදි 62 ට නළලේ ගාගන්න දෙන්න.
මෙහෙම අළුවලින් ගඩොල් හදන්න පුළුවන්කමක් තිබුණා නම් මොකද ඉස්සර කාලේ අළුවලින් ගඩොල් කපලා ගෙවල් හැදුවේ නැත්තේ? සමහරවිට ඒ කාලේ අළු වලින් ගඩොල් හදන එක ගැන දැනුමක් නොතිබෙන්න ඇති. නැත්නම් අළු බයක් තියෙන්න ඇති. කොහොම උනත්, අළු ගඩොලින් හදන ගෙවල් වසර කිහිපයක්ම නිරුපද්‍රිතව තිබේනම් ගෙවල් කිහිපයක් හදල බලමු !