(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුලාන - සයුරපුර මහල් නිවාස සංකීර්ණය අසල ඇති අනාරක්ෂිත දුම්රිය මාර්ගය අසලදී අද (12) දුම්රියක ගැටී කුඩා දරුවකු මියගිය බව අගුලාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ චලන විදුශ නැමැති වයස අවුරුදු 7ක කුඩා දරුවෙකි.
දරුවා දුම්රියේ ගැටීමත් සමඟ දුම්රිය මාර්ගයට පිවිසි ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරීව හැසිරීමත් සමඟ අඟුලාන පොලිසියේ නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කර දුම්රිය පිටත් කර හැරීමට කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශවාසීන් නෙමෙයි, ඔතන පැල්පත් අටවාගෙන ඉන්න කට්ටිය. ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ ගෙදරවගේ ඉන්නේ දුම්රිය මාර්ගයේ. වදිවෙලත් ඉන්නවා, තේ බොනවා. ළමයි හිටපු ගමන් පනිනවා.
අවුරුදු හතක පොඩි ළමයෙක් වුණාම බලාගන්න ඕනෑ, මේක වැඩිහිටියන්ගේ නොසැලකිල්ල, අනාරක්ෂිත ගේට්ටු හැම තැනම තියෙනවා එ්ක ඇත්ත.. ඒවාට බලධාරීන්ගේ විසඳුම් නැහැ. ප්‍රේමදාස මහත්මයා වගේ කෙනෙක් ආයේ එන්න ඕනෑ ඒවා හැදෙන්න නම්.. මේ කපේට එහෙම පොඩි තැන ඉඳලා ඔය පුටුවට යන්න දෙන්නේ නැහැ. මේ හාමුල ටික ඉන්න කම්, මේ රටේ නම් ඉපදෙන්න එපා ආයිත්, මම නම් ප්‍රර්ථනා කරන්නෙම ඕනෑ මේ රටේ තවත් ඉපදෙන්න නම් එපා කියලයි.
ප්‍රදේශවාසින් දුම්රිය මග හරස්කරන්න ළමය දුම්රියේ හැපුනහම රජයයි, දුම්රිය දෙපාර්තමේන්තුවයි, දුම්රිය රියදුරුගේද වරද?
ඔය දරුවා හැපුනේ හවස 5.30 විතර අගුලාන පසුකරමින් හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ නිල්පාට පොත් බැගයක් එකපාරටම එලියට විසි උනා මම හිතුවේ දුම්රියේ පාපුවරුවේ ගිය කෙනෙක් වැටුන කියල දුම්රිය නවතා කට්ටිය ගිහින් බැලුවට පස්සේ දැනගත්තේ පන්ති ඇරිලා ගෙදර යමින් හිටි ළමයෙක් හැපිලා තියෙන්නේ කියල .ඛේදජනක සිද්දියක් .දෙමව්පියන් තම දරුවන් ගැන මිට වඩා සැලකිලිමත්වෙන්න ඕන තම දරුවන් ගැන. ඇත්තටම දුකයි.
බුද්ධික මහත්මයා ඔබතුමාගේ අදහස හරි, ඔය ඉන්න එකම හාමු කෙනෙකුටවත් ලොකු ලොකු ඩිග්රි ගැහුවත්, ප්‍රේමදාස මහත්මය වගේ තැනට සුදුසු නුවනින් , කල යුතු දෙය ඉක්මනින් කරන්න දැනුමක් සංවිධාන ශක්තියක් නැත
දුම්රියක් නවත්තන්න පුලුවන්ද පාරේ වාහන වගේ. බුද්ධික කිව්වා වගේ මේක වැඩිහිටියන්ගේ නොසැලකිල්ල. අපෙත් ළමයි ඉන්නවා. නමුත් අපි අවදානම් අවස්ථාවල ඉතාමත් කල්පනාකාරී වෙනවා. අනතුරු වලක්වා ගන්න.