එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඕස්ටේ්රලියාවේ මෙල්බෝන් හිදී පසුගිය දා පැවැත්විණි.
මෙල්බෝන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මෙය සංවිධානය කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය නිමිත්තෙන් මෙල්බෝන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක් වී උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධව පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන් අතිශයින් සතුටු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම උත්සවය සඳහා සුබ පැතුම් පණිවිඩයක් එක් කරමින් සඳහන් කරයි.
වසර 72 ක් පුරා වැඩකරපු, වැඩකරන එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් බවද එම පණිවිඩයේ සඳහන්ව තිබුණි.
මව්බිමෙන් බැහැරව සිටිය ද හදවතින් අපගේ උතුම් දේශය සහ අපගේ පක්ෂය සමඟ සිටිමින් මෙම උත්සවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන බවද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා එම පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්න සෙනඟ දැක්කට පස්සේ ආයේ අහන්න දෙයක් නැහැ. එජාපය නියත වශයෙන්ම තනියෙන්ම තරඟ කරන එක ඒකාන්තයි.
බයේ බෑ. සූ ගාල සෙනඟ !!!
ඔතන ඉන්න සෙනඟ අවොත් උඩින්ම දිනනවා.
මම අභියෝග කරනවා පුලුවන්නම් ඔය රූපයේ ඉන්න හත් දෙනාගේ නම් දාන්න කියල. එක කරන්නේ නෑ. හේතුව එජාපයට ඉන්නේ කවුද කියල ජනතාව තේරුම් ගන්නවා. ඒ නිසයි නම් හංගලා තියෙන්නේ. දාන්නකෝ වමේ සිට දකුණට සභාපති අහවලා, ලේකම් අහවලා කියල.දැම්මොත් එජාපයේ ඇත්ත හෙළිවෙනවා ඒ උදවිය ඔය පක්ෂයේ ඉන්නේ ඇයි කියල. එකයි හංගලා ගහන්නේ.
මේවා දැක්කම හිනාවෙලා පන යනවා ? 2020 ජන්ද ප්‍රතිපල කලින්ම ඇවිල්ල