බැංකු සභාපතිවරු තිදෙනෙක් හෙට බැඳුම්කර කොමිසමට ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා අද (04) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත. 03 October 2017
හිමිනමක් අල්ලන්න මහජන සහාය පතයි මියන්මාර ජාතිකයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස නිවස ඉදිරිපිට ඉකුත් (26) දින ප්රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටින අරඹේපොල රතනසාර හිමියන් සහ හිටපු පොලිස් කොස්තාපල් ප්‍රගීත් චානක ගුණතිලක නැමැති අය අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මහජන සහය පතයි. 03 October 2017
වැස්ස වැඩි වන ලකුණූ දිවයින පුරා ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 October 2017
සැකකරුවන් අඳුරගන්න පොලිසිය සහය පතයි ගම්පහ රෝහල ආසන්නයේ දී සඳුදා (2) ටී 56 ගිනි අවි 3 ක් සමග අතහැර දමා තිබු හයිබි්රඞ් මොටර් රථය පන්නිපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයෙන් රැගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමට පොලිස් මුලස්ථාන මහජන සහය පතයි. 03 October 2017
කොල්ලුපිටියේ ගබඩාවක ගින්නක් කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳසලක ගබඩාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 03 October 2017
ගීතාගේ පෙත්සමේ විභාගය අවසන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාග කිරීම අද (03) අවසන් කෙරිණ. 03 October 2017
පොලොන්නරුවේ බහුතරයකට මානසික ආතතිය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල මානසික රෝග සායනවලින් 2016 වසරේ ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 17627 ක් වන බවත් ඔවුන්ගෙන් වැඩිම පිරිසක් මානසික ආතතිය නිසා ඇතිවන විෂාදිය සහ සියදිවි නසා ගැනීමට තැත් කළ අය බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. 03 October 2017
ලිත් නඩුවේ විනිසුරු වෙනස් කරන්නැයි බැසිල් ඉල්ලයි මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පවරා ඇති ලිත් නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය. 03 October 2017
ගැමුණුගේ සංගමය ගැන සයිටම් නිවේදනයක් ගැමුණු විජේරත්න මහතාගේ සංවිධානයකට සයිටම් ආයතනයේ හෝ දෙමාපියන්ගේ හෝ නිල සම්බන්ධතාවයක් නැතැයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කළමනාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 October 2017
රන් බිස්කට් හා මාලයක් සමග දෙන්නෙක් කොටුවෙති ග්‍රෑම් 400ක් බරැති රන් බිස්කට් කැබලි 11ක් හා පවුම් 8ක රන් මාලයක් සමග කාන්තාවක හා පිරිමියකු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 October 2017
මහාචාර්ය කොල්වින් සයිටම් පක්ෂපාතියකු බව මහැදුරු කාලෝ කියයි වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකියැයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. 03 October 2017
සයිටම් සහ විශ්ව විද්‍යාල දෙමාපියන්ගේ ඉල්ලීම් රජයට බාර දෙයි රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ දෙමාපිය සංසදය සහ සයිටම් දෙමාපිය සන්සදය අත්සන් කළ අබවෝධතා ගිවිසුමේ සඳහන් කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඔවුහු අද අගමැති කාර්යාලයට සහ ජනාධිපති කාර්යාලයට ලිපි දෙකක් බාර දුන්හ. 03 October 2017
පොල් බෑ දෙකක් බස්නාහිර සබේ උණුසුම් කරයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා සභා ගැබට පොල් බෑ දෙකක් ගෙන ඒමෙන් අද(3) පැවැති සභා රැස්වීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය. 03 October 2017
සරණාගතයන් හා දේශපාලන රැකවරණය පතන්නන් 1333 ක් ලංකාවේ දේශපාලන රැකවරණ පතන්නන් හා සරණාගතයන් ලෙස පැමිණි 1333 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම බාරයේ ශ්‍රී ලංකාවේ සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 03 October 2017
ආනන්ද සමරසේකර ගැන තීන්දුව 19 වැනි දා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ඔක්තෝබර් 19 වැනි දා ට ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (3) නියෝග කළේය. 03 October 2017
ගුවන් තොටේ නිදැල්ලේ සිටි 60 කට දඩ කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ නිදැල්ලේ රැදී සිටි පුද්ගලයන් 60 දෙනෙකුට එක් අයකුට රුපියල් 1500 බැගින් රුපියල් 90000 ක දඩයක් නියම කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය අද (3) නියෝග කළාය. 03 October 2017
ජිඑම්ඕ එකට දින දෙකක කාලයක් වෛද්‍ය නිලධාරීන්ට පත්වීම් ලබාදීම සඳහා සකස්කර තිබෙන ලැයිස්තුව සම්බන්ධයෙන් වන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දින දෙකක කාලයක් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා පැවසීය. 03 October 2017
ගම්මන්පිලට එරෙහි නඩුව විභාගයට ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21 ක් වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා හමුවේ විභාගයට ගන්නා ලදී. 03 October 2017
ඇවන්ගාඩ් නඩුව මාර්තු 19 සිට දිනපතා ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ රක්නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 19 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා අද (03) නියම කළේය. 03 October 2017
නාවලකන්ද මිනිරන් පතලේ තිදෙනෙක් උපවාසයක මීගහතැන්න නාවලකන්ද මිනිරන් පතලේ කම්කරුවන් තිදෙනෙක් තම සේවය අත්හිටවීමට එරෙහිව අඩි සියයක් යට උපවාසයක් ආරම්භ කර ඇත. 03 October 2017
ලංකාවේ තොරතුරු පනත ලෝකෙන් එකට ලෝකයේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙස ශ්‍රීලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත පත්ව ඇති බව කතානායක කරු ජයසුරිය මහතා කියයි. 02 October 2017
හිමිවරු දෙදෙනෙක් පඬුවස්නුවර උපවාසයක ගල්කිස්ස සිදුවීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් පඬුවස්නුවර බස්නැවතුම්පොළ අසර උපවාසයක් ඇරැඹූහ. 02 October 2017
ඊළම වෙනස් මුහුණුවරකින් - වයිකෝ ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමේ උත්සහාය තවමත් අතහැර නොමැති බවත් වෙනස් මුහුණුවරකින් එම අරමුණ කරා යන බවත් තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ ප්‍රකාශ කර තිබේ. 02 October 2017
බෑණා වෙනුවෙන් උත්තර දෙන්න මහේන්ද්‍රන්ට බැරිලු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂවරයා මෙන්ම තමන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් උත්තර දීමට තමන් බැඳී නැතැයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය. 02 October 2017
රතනසාර හිමි අත්අඩංගුවට ගන්න සොයයි ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්ට එරෙහිව ප්රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට අද (2) දින නොපැමිණි ජාතික බලමුළුව සංවිධානයේ මහලේකම් අරඹේපොළ රතනසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. 02 October 2017
රයන්ගේ ප්රතිශෝධන අයදුම්පත 9වැනිදා කැඳවයි සයිටම් විරෝධී උද්ඝෝෂණයකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපළ වලට අලාභයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයැදුම්පත ලබන 9 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද(2) නියම කළේය. 02 October 2017
පර්පචුවෙල් හතර දෙනකුට රට ගමන් තහනම් ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් වලට සම්බන්ධ යැයි කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02) නියෝගයක් නිකුත් කළාය. 02 October 2017
හේරත් ටෙස්ට් කඩුලු 400 යි පාකිස්තානයට එරෙහිව අබුඩාබි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගත් රංගන හේරත් මෙම තරගයේදී සිය 400 වැනි ටෙස්ට් කඩුල්ලත් දවාගත්තේය. 02 October 2017
වෛද්‍ය සභාවේ අලුත් සභාපති කොල්වින් ගුණරත්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(2) එම ධුරයේ වැඩ ආරම්භ කළේය. 02 October 2017
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගය දිනයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි නුවරදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 02 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026