( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නව ඇමෙරිකා තානාපතිනිය වශයෙන් ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පත් කර ඇතැයි කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි.
ඇයගේ මෙම පත්වීම ඇමෙරිකා සෙනෙට් සභාව විසින් අනුමත කිරීමත් සමඟ ඇයට සුබ පැතුම් එක් කරමින් ඇමෙරිකා තානාපති කාර්යාලය මේ බව කියා සිටී.
ඒ අනුව ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ළගදීම සිය රාජකාරී කටයුතු බාර ගනු ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකාවේ තානාපති ධූරයට අමතරව ඇය මාලදිවයිනේ ඇමෙරිකා තානාපතිනිය ලෙස පත් කරනු ලැබ සිටින්නීය. ඇමෙරිකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක වන ටෙප්ලිට්ස් මහත්මිය මීට පෙර නේපාලයේ ඇමෙරිකා තානාපතිනිය වශයෙන්ද මීට පෙර ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ අතුල් කෙශාප් මහත් ඉකුත් ජූලි 15 වැනිදා සිය ධූර කාලයෙන් සමුගත් අතර මේ වන තෙක් ශ්‍රී ලංකාවේ වැඩබලන ඇමෙරිකානු තානාපති වශයෙන් රොබට් හිල්ටන් මහතා කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති කෙනෙක් නෙවෙයි, ආණ්ඩුකාරයෙක් පත් කරලා මේ රට යටත් කරගන්නකො. එතකොටවත් මේ දුෂ්ට පාලකයන්ගෙන් අපිට ගැලවීමක් ලැබෙයි.
කන්දෙපොළ මහතා, දැනුත් ඉන්නේ ආණ්ඩුකාරයෙක් තමයි. අපි පත්කරගත් ජනාධිපතිගේ කතාව පහුගිය ඡන්දෙන් පස්සේ වෙනස් වුනේ ඉන්දියාවේ, ඇමෙරිකාවේ ආණ්ඩුකාරවරු එතුමාව හමුවුණාම...