නවදිල්ලියේදීය (රොයිටර්)
යටත් විජිත සමයේදී පනවන ලද නීතියක් ඉවත දමමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික ඇසුර නිතීවිරෝධී නොවන බව සඳහන් කරමින් අද (6) ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.
මේ අනුව අදාළ නෛතික තහංචි ඉවත් කරමින් සමලිංගික ඇසුර නීතිගත කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් අද (6) ඒකමතිකව තීරණය කළහ.
මීට පෙර එරට සමලිංගික ඇසුර වසර 10ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් ලෙස පැවැතුණි. දැඩි සමාජ සම්ප්‍රදායවාදී රටක් වන ඉන්දියාවේ සමලිංගික ඇසුර තහංචි දැමූ මාතෘකාවක් විය. ඉන්දීයාව වසර හතරකට ආසන්න කාලයක් සමලිංගික ඇසුර සාපාරධී වරදක් නොවන බවට පිළිගත් අතර 2013 වසරේදී නැවත වරක් එය අපරාධ වරදක් ලෙස නීති ස්ථාපිත කරන ලදි.
“ඕනෑම සමලිංගික, විසමලිංගික හෝ සමලිංගික සේවනයේ යෙදෙන ස්ත්‍රී හෝ වැඩිහිටියන් දෙදෙනකු එකිනෙකාගේ අනුමැතිය සහ අවසරය ඇතිව පවත්වනු ලබන ඕනෑම සම්මතික සහ ඒකමතික ලිංගික සබඳතාවක් ව්‍යවස්ථාවට අනුකූල නොවේ යැයි ප්‍රකාශ කළ නොහැක.” යැයි අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඉන්දියාවේ අගවිනිසුරු දීපක් මිස්රා සඳහන් කළේය.
තීන්දුව ලබාදෙන තුරු බොහෝ පිරිසක් අධිකරණ භූමිය තුළත් ඉන් පිටතත් රැඳි සිටි අතර තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඊට සහාය දැක්වූ බොහෝ දෙනා දේදුණු වර්ණ ධජ වනමින් එකිනෙකා බදා ගනිමින් ප්‍රීතිඝෝෂා නැගූහ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක විනාශයක් වෙන්න කලින් එම රටේ අසම්මත අධර්මිෂ්ට සියල්ල සම්පූර්ණ විය යුතුයි. මෙය දෙවියන්වහන්සේ ඉදිරියෙ පිලිකුල්ම ක්‍රියාවකි.
ඔබට සිත බැදුනේ කෙමැයි මා තවම නොදන්නෙමි... ඔබට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමි....
ජයන්ත මිලානෝ, මම ඉන්නේ ඉතාලියේ රෝම් වල... මට ඔයාගේ ෆෝන් නම්බර් එකදෙනවද? මට ඔයාව මීට් වෙන්න ඕනෑ. මමත් ඔයා වගේම සමරිසි කෙනෙක්. අනේ ප්ලීස් නම්බර් එක දෙන්න...
දැන්වත් ජනගහනය ටිකක් අඩුවෙලා යයිද බලමුකෝ...?
මෙච්චරයි අපිට අඩුපාඩු නේද?
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අඩු වශයෙන් දේශපාලකයන්ගේ පැති ගන්නේ නැතුව නිදහස තීරණක් දීම අගය කල යුතුයි.
මනුෂ්‍යයා ස්වභාවධර්මයට එරෙහි වන විට ස්වභාවධර්මය මනුෂ්‍යයාට එරෙහිවන බව හොඳාකාරවම දන්න මේ මිනිස්සු, ස්වභාව්ක නොවන මේ අස්වාභාවික ක්‍රියාවට නීතියෙනුත් ඉඩදීමෙන් පැහැදිලි වන්නේ ස්වභාවික පාරිසරික පැවැත්මට හානිකිරීම අනුමත කිරීම නොවේද ?
ඒගොල්ලන්ට හොදනම් අපිට මොකද?
ජනතාව බලාගෙන ඉන්නේ සමරිසි තැන මුල්තැන ගෙන මේ 225 ට 2020 සලකන්නැයි...