කේ බුද්ධික කුමාරසිරි
මහරගම නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකු ඊයේ (06) සවස නගර සභාපති නිල කාමරයේ දණගස්වා පහර දුන්නේයැයි කියන සිද්ධියක් නිසා හෙට සිට විදුලි නඩත්තු කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි මහරගම නගර සබාවේ විදුලි නඩත්තු අංශයේ සේවකයෝ පවසති.
තම සහෝදර සේවකයින් සිව් දෙනෙකු අද (06) නගර සභාවට අයත් තී‍්‍ර රෝද රථයකින් ගොස් දෙපානම ප‍්‍රදේශයේ විදුලි නඩත්තු සේවා සිදු කොට දහවල් ආහාරය ගැනීමට පස්වරු 3.30ට පමණ පන්නිපිටිය පරන පාරේ බෝ ගස ආසන්නයේ වෙළෙඳසලක් ඉදිරිපිට තී‍්‍ර රෝද රථය නවත්වා ඇතැයි ද, එම ස්ථානයට පැමිණි නගර සභාවේ සභාපතිවරයා , ඉංජිනේරුවරයකු සහ ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා සේවකයින්ගේ වීඩියෝ සහ ඡායාරූප ගෙන වහාම ප‍්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ති‍්‍ර රෝද රථය ද රැගෙන ගොස් ඇති බවද එම සේවකයෝ පවසති.
පසුව සේවකයින් සිව් දෙනා නගර සභා පරිශ‍්‍රයට ගිය අවස්ථාවේදී සභාපතිගේ නිල කාමරයට පැමිණෙන ලෙස ලද පණිවිඩයකට අනුව එහි ගිය බවත්, සභාපතිවරයා තම සහෝදර සේවකයින් එම කාමරය තුල දණ ගස්වා අමානුෂික ලෙස පහර දි ඇති බවත් සේවකයෝ කියති.
පහර කෑමට ලක් වූ සේවකයින් අතර වයස අවුරුදු 58 ක් පමණ වන පුද්ගලයෙකු ද සිට ඇති බව ද, මේ අයුරින් තම සේවකයින්ට එකිනෙකාගෙන් පහර කෑමට නොහැකි බැවින් මේ සදහා නිසි විසදුමක් ලැබෙන තෙක් විදුලි නඩත්තු කටයුතු වලින් ඉවත් වීමට තමන් තීරණය කල බවද එම සේවකයෝ පවසති.
මේ සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒම හතා මෙසේ කීවේය.
‘‘මම නගරාධිපතිවරයා ලෙස අපේ සභා සීමාව තුල සිටින ජනතාවට හොඳ සේවාවක් ලබා දීමට උත්සහා ගන්නවා. එතැනදී සේවකයින්ට විනයක් තිබිය යුතුයි. ඔය කියන සේවකයින් සිව් දෙනා මත්පැන් පානය කරලා රාජකාරී කරමින් සිටියේ. ඒ පිළිබදව මා ළඟ වීඩියෝ දර්ශනත් තිබෙනවා. අනික මම නගරාධිපතිවරයා විදිහට මට බැරිද සේවකයින්ට අවවාද කරන්න? බිමත්ව රාජකාරියේ නිරත වීම සම්බන්ධයෙන් මම ඔවුන්ට අවවාද කළා පමනයි. පහරදීමක් සිදු කළේ නැහැ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මේ අපේ "සෑර්" නේ...
ලැජ්ජයි... ගැහුවොත් ගහන්න.. ගහන මිනිහා ලොක්කෙක්ද පොඩ්ඩෙක්ද කියලා බලාගෙන හිටියොත් ඔබගේ ආත්ම ගරුත්වය යනවා. අපේ රටේ ලොක්කෝ කියලා කෑගහන අය විදේශයන්හිදී "සොක්කෙක්" වගේ. අපේ රටේ සල්ලිකාරයෝ විදේශ රටවලදී සාමාන්‍ය මිනිසෙක්. ඔන්න ඕකයි ඇත්ත. මේ 21වැනි සියවසේදී මුදල්, දේපළ, ජාතිය, වර්ගය ආදී 18 වෙනි සියවසේදී බලය මැනීමට ගත් "මිනුම්" තවදුරටත් වලංගු නොවේ. " දැනුම" තමයි මේ 21වෙනි සියවසේදී බලය මැනීමේ මිනුම් ඒකකය. අපේ රටේ දැනුම තිබෙන බුද්ධිමතුන් ඔය චන්ඩි වැඩ කරන්නේ නැහැ. අපේ රටේ " බොරු චන්ඩි "ඔක්කොම දේශපාලකයන් එහෙම නැතිනම් දේශපාලකයන්ගේ බත් බැලයන්ට බව කවුරුවත් දන්නවනේ... එ්නිසා ඔබට නිරපරාදේ යමෙක් ගැහුවොත් ගහන්න. ගුටිකන්න නම් එපා වරදක් නොකර...
පොල්ලෙලි එක්කෙනෙක් නේද?
ජනබලය
අැයි සිරා කිව්වේ නැද්ද? පොහොට්ටුවෙන් තවත් අයෙක්... වඳුරට දැලි පිහිය හම්බ වුණා වගේ...
රාජකාරි වෙලාවේ බීල හිටිය නම් රස්සාවෙන් අස්කරන්න තිබුණ. ඒ වෙනුවට බලය අතට අරගෙන මෝඩ විදිහට කටයුතු කරපු එක වැරදියි. නගරාධිපති බලයෙන් මත් නොවී රෙගුලාසි පිළිවෙලට වැඩ කරන්න තිබුණේ.
සේවකයින්ට විනයක් තිබිය යුතු බව ඇත්ත. ඒ වගේම තමුන්ටත් විනය තිබිය යුතු නේද 'සෑර්'?
පහර දීම කිසිසේත් අනුමත නොකරමි. නමුත් මෙම ස්ථානයේ (බෝ ගහ අසල) ප්‍රසිද්ධ අවන්හලක් තිබේ. මත්පැන් පානය කළ කතාව පිළිගත හැක.
මේ අර ප්‍රසිද්ධ බෝ ගහ නේද?
සෑම රාජ්‍ය සේවකයෙකු මෙන්ම සෑම නිලධාරියෙකුම ආයතන සංග්‍රහයේ විදිවිධාන පිළිපැදිය යුතුමය. එම නියෝග කඩකරන අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කළහැකිය. මෙයට කාලයකට පෙර පළාත්පාලන ආයතන විදුලිය බෙදාහැරීම් කළත් එක් කාලයක එම ආයතනවල සිටි සියලුදෙනා සමග විදුලි කටයුතුද විදුලි බල මණ්ඩලයට ගත්තා. එයින් පසු පළාත්පාලන ආයතනවලට විදුලි කටයුතු අහිමිවුණා.. නැවතත් ලබාදුන්නාද?