(සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂය කොළඹ ලොකු ජනගඟක් ගෙනාවත් පැහැදිලි ඉලක්කයක් නොතිබූ නිසා ඒ විරෝධය ආණ්ඩුවට නොදැනුණු බව එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවැසූහ.
ඒකාබද්ධයේ උද්ඝෝෂණය අදේශපාලනිකයි යැයිද උන්වහන්සේ කීහ.
අතුරලියේ රතන හිමියෝ මෙසේද ප්රකාශ කළහ.
‘‘මේ අරාජික ආණ්ඩුවට විරුද්ධව ජනතාව ලක්ෂ ගණන් පෙල ගස්වන්න ඕන. ඒකෙ දෙකක් නැහැ.නමුත් ඒ විරෝධතා වැඩපිළිවෙළට පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕනෑ.ඒකාබද්ධ විපක්ෂය කොළඹට ලොකු ජන ගඟක් ගෙනාවත් ඒ විරෝධයට පැහැදිලි හා විධිමත් ඉලක්කයක් තිබුණේ නැහැ.
මේ තරම් විශාල මුදලක් වැය කරලා කැපවීම් කරලා සෙනඟ ගෙනවිත් ආණ්ඩුවට කරපු බලපෑම මොකක්ද.ඒ විරෝධයෙන් ආණ්ඩුවට වුණු බලපෑම අඩුයි.ආපු සෙනඟ හැටියට ඒ බලපෑම වුණේ නැහැ.
සිංගප්පූරු ගිවිසුම පරාද කරන්න ඕන දෙයක්.ඇත්ත වශයෙන්ම මේ වගේ සෙනඟක් පාවිච්චි කළා නම් ඒක පරාද කරගන්න තිබුණා.මේ වගේ දේවල් කරනවා නම් හරි විදිහට දේශපාලනික අරමුණක් ඇතිව කරන්න ඕනෑ.ආණ්ඩුව පෙරළනවානම් ඒ ඉලක්කයටම විරෝධය මෙහෙයවන්න ඕනෑ.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ඉඳගෙන ඔබවහන්සේ කියන දෙයක් සත පහකට ගණන් ගන්නේ නැති ආණ්ඩුව මේ වගේ දේවල් ගණන් ගනීවිද.
ලිඳෙන් වතුර බීලා එයින් වතුර නාලා ලිඳට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා වතුර බොරකරයි මිනිසා වතුර බොරකරයි..
යූ.ඇන්.පී එකෙන් ජාතික ලැයිස්තුවෙන් ඇවිත් ආණ්ඩු පෙරලන්න උඩගෙඩි දෙනවා නම් මන්ත්රී කමෙන් අයින් වෙලා යන එකයි තියෙන්නේ.
අපේ හාමුදුරුවනේ, මේ ආපු පිරිසගේ බලාපොරොත්තු ඉටු උනානම් ඒ ඇතිනේ . ඒ ගොල්ලෝ බලාපොරොත්තු උනේ මත්පැන් බොන්නයි, කෑම පාර්සලයකුයි අතට මුදලකුයි පමණයි . ඒවා ඉටු උනා . වෙන මොනවද ?