ඩයනා උදයංගනී
කොළඹ සාගර (වරාය) නගරයේ වාණිජ මධ්‍යස්ථානය ඔක්තෝම්බර් 18 වැනිදා විවෘත කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එහි මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ ආරම්භ කරන බව කී අමාත්‍යවරයා රෝහලක්, අන්තර් ජාතික මට්ටමේ පාසලක් අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ ශාලාවක් මෙහි ඇති රජයට අයිති ඉඩම්වල ඉදිකෙරෙන අතර ලෝකයේම තිබෙන බැංකු සහ අනෙකුත් වාණිජ ආයතන ගෙන ආ හැකි මූල්‍ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම චීන සමාගම මගින් සිදු කරන බව ද සඳහන් කළේය.
ඇල මාර්ගයක් හා විහාර මහා දේවි උද්‍යානය වගේ කිහිප ගුණයක් විශාල උද්‍යානයක් මෙහි ඉදිකෙරෙන අතර මුලින්ම විවෘත කරන්නේ එම උද්‍යානය බව කී ඇමතිවරයා එය ඉදිරි වසර එකහමාර ඇතුළත සිදු කරන බව ද කීවේය.
මෙහි කිසිම ඉඩමක් සින්නක්කර අයුරින් විදේශිකයින්ට නොලැබෙන අයුරින් නීතිමය කටයුතු කර ඇති බව කී ඇමතිවරයා විධිමත් පරිසර අධ්‍යයනයක් කර අන්තර් ජාතික ප‍්‍රමිතීන්ට අනුකූලව එම කටයුතු කර තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.
සෑම රටකම ආයෝජකයින්ට එය විවෘත කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න ඒකෙත් හැටි. වෙන රටවල් නම් ප්‍රකෝටි ගානක් ණයට අරන් ඉස්සරලම හදන්නේ කුලියට දෙන්න පුළුවන් කොටස. මොකද එකෙන් කියක් හරි අදායමක් එන්න පටන් ගන්න නිසා. මෙයාලා ඉස්සරලම හදවල තියෙන්නේ උද්‍යානය. මෙයාලා හිටියොත් රට වේගයෙන් ඉස්සරහට යනවා සිකුරුයි.
උද්‍යානය හදන එක නම් හොඳයි. ඒත් මොකටද රෝහලක් මෙතන හදන්නේ?