හිමිකරුවකු නැති මෝටර් රථයේ ගිනිඅවි තුනක් ගම්පහ ඔසුසළ අසල හිමිකරුවකු නොමැති අතහැර ගිය මෝටර් රථයක තිබී ගිනිඅවි තුනක් සොයා ගත් බව පොලිසිය කියයි. 02 October 2017
හෙරොයින් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට බ්‍රවුන් සුගර් වර්ගයට අයත් හෙරොයින් ග්රැම් 58 තම ශරිරයේ සඟවාගෙන මුම්බායි සිට පැමිණි ශ්‍රීලාංකික ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් කටුනායක ගුවන්තොටුපළ දි අත්අඩංගුවට ගෙන ඇත . 02 October 2017
ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලයි රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගත කර සාක්කි විනාශ කිරිම සහ වෙනස් කිරිම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා තුන්වැනි සැකකරු ලෙසින් නම් කර අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතාට අද (2) ඉල්ලීමක් කළේය. 02 October 2017
හෙට පාර්ලිමේන්තු විශේෂ සභාවාරයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සභාවාරයක් හෙට (3) පස්වරු 3 ට පැවැත්වීමට නියමිතය. 02 October 2017
’අක්‍රමවත් වෛද්‍ය පත්වීම් ලැයිස්තුවක් ක්‍රියාත්මක කරනවා’ - ජිඑම්ඕ මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව අක්‍රමවත් හා දේශපාලන ගැතිව පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුවක් සකස්කර ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි. 02 October 2017
අල්ලස් ගත් මාර්ග පරීක්ෂක වසර 20ක් හිරේට දුම්රිය මාර්ගයට යටින් මළප්‍රවාහන බට පද්ධතියක් එළීමට අනුමැතිය ලබාදීම සඳහා ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 35,000/-ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු දුම්රිය දෙපාර්තමෙන්තුවේ හිටපු මාර්ග පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 02 October 2017
අක්මීමන දයාරතන හිමි රිමාන්ඩ් ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරිපිට ප්රකෝපකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බලමුළුව සංවිධානයේ සාමාජික අක්මීමන දයාරතන හිමියන් ඔක්තෝබර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් මහතා අද (2) නියෝග කළේය. 02 October 2017
හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්රභා කරන්න පෙත්සමක් පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර රජය මැතිවරණ කල් දැමීමෙන් තමාගේත් රටේ සමස්ත ජනතාවගේත් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්රභා කරන ලෙස ඉල්ලමින් නීතීඥවරයකු අද (2) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. 02 October 2017
දරුවන් 20ක් වැදූ අම්මා ලෝක වාර්තාවට හිමිකම් කියනවාදැයි සොයයි දරුවන් 20 දෙනෙකු සිටින මවක ලෙස වැඩිහිටි දිනයේ දී උපහාර ලැබූ ගලේවෙල බඹරගස්වැව කටුපොත පදිංචි හස්තිමු ආරච්චිගේ රොසලින් නෝනා මාතාව ලොව වැඩිම දරු පිරිසක් ලැබූ මවගේ වාර්තාවට හිමිකම් ලබන්නේ දැයි සොයා බලන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සුමින්ද සිංගප්පුලි මහතා ලංකාදීපයට අද (2) පැවැසිය. 02 October 2017
උපාධිධාරීහු පළාත් ලේකම්ගේ කාර්යාලයට කඩාවදිති උතුරු මැද පළාත් සභාවට කඩා වැදුණු රැකියා විරහිත උපාධි ධාරීන් 400 ක පමණ පිරිසක් අද (2) පළාත් ප්‍රධාන ලේකම්වරයා ගේ කාර්යාලයට යෑමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත්තේය. 02 October 2017
ලාස්වේගාස්හි ප්‍රසංගයක වෙඩි තැබීමක් - 50ක් මරුට ඇමරිකාවේ ලාස් වේගාස්හි එළිමහන් ස්ථානයක පැවැත්වුණු සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීමකින් 50 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 02 October 2017
වැලිකන්දේ මවුවරුන්ගෙන් සියයට 6.5 ක් දැරියන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිසි වයස එළඹෙන්නට පෙර දරුවන් බිහිකරන මව්වරුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර සහ තමන්කඩුව යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල වෙසෙන බව සෞඛ්‍ය අංශ අනාවරණයය කරයි. 02 October 2017
වන්දි ඉල්ලා රෝගියෙක් නඩු මගට ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු කොන්දේ අමාරුවකට නොසැලකිලිමත් ලෙස ශල්‍යකර්මයක් සිදුකිරීම නිසා ශරීරයේ ඉන්ද්‍රියන් අක්රීයත්වයට පත්ව ඇතැයි චෝදනා කරමින් රුපියල් ලක්ෂ සියයක වන්දියක් ඉල්ලා රෝගියකු අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට 2018 වසරේ පෙබරවාරි 16 වැනි දාට සළකා බලන ලෙස අනුරාධපුර වැඩ බලන දිසා විනිසුරු මාලනී රනේපුර මහත්මිය අද (2) නියෝග කළේය. 02 October 2017
පාසල් සිසුන්ට රක්ෂණාවරණයක් ‘සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව යටතේ මෙරට සිසු සිසුවියන් ලක්ෂ 45කට වැඩි සංඛ්‍යාවකට පිදෙන ‘වෛද්‍ය හා පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ආවරණය’ අද (2) සිට නිල වශයෙන් ආරම්භ විය. 02 October 2017
පාසල් රග්බි ක්‍රීඩකයා මියයාම ගැන පරීක්ෂණයක් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි පුහුණුවක් අතරතුරදී තුවාල ලැබූ පාසල් සිසුවකු රෝහල් ගත කිරීමෙන් පසු මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 02 October 2017
ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක් ආසියාවේ ඉහළම රෝගී සත්කාර සේවා සපයන ළමා රෝහලක් සේ ප්‍රකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් තවත් වැඩි දියුනු කරමින් හෘද උරස් ප්‍රතිකාර හා දැඩි සත්කාර රෝගී සේවා සංකීර්ණයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (2) පෙරවරුවේ මුල්ගල් තැබිණි. 02 October 2017
අක්මීමන දයාරතන හිමි පොලිස් අපරාධ කොට්ඨාසයේ ගල්කිසේ රඳවා සිටි රෝහින්ග්‍ය සරණාගතයින්ට එරෙහිව කළ උද්ඝෝෂණයේ දී එම සරණාගතයින්ට හිංසා කළැයි චෝදනා ලැබ සිටින අක්මීමන දායාරතන හිමියෝ අද(2) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩම කළහ. 02 October 2017
සුපිරි මගේ හොරට ඩීසල් ඇද්ද තුනක් අත්අඩංගුවට අධිවේගි මාර්ගයේ හොරට ඩිසල් ඇද වෙළඳසැල්වලට ලබා දී වෙළඳසැල් වල විකුණු පුද්ගලයින් තුන්දෙනෙක් අත් අඩංගුවට ගත් බව මාතර තංගල්ල විශේෂ විෂ මත්දව්‍ය වැටලිම් ඒකකය කියයි. 02 October 2017
කෝටි 12 ක අල්ලසේ රේගු ලොක්කන් හතරට නඩු මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් රේගු අධිකාරිවරුන් සිව් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. 02 October 2017
2023 වන විට කොළඹ පැල්පත් ගැටළුව ඉවරයි කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා 2023 වසර වන විට නිවාස 50,000 ක් ඉදිකර පැල්පත්වාසී ගැටළුව නොමැති නවීන නගරයක් ඉදිකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 01 October 2017
විදුලි මිල සහ ඉන්ධන මිල ගැන මූල්‍ය අරමුදලෙන් යෝජනා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්ධන හා විදුලිබිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අමරමුදල යෝජනා කර තිබේ. 01 October 2017
ප්‍රදේශ කිහිපයකට පැය 16ක් වතුර කපයි බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එයින් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (2) පෙරවරු 11.00 සිට අනිද්දා (3) අළුයම 3.00 දක්වා පැය 16ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 01 October 2017
හදවත් බද්දයෙන් දින තුනකට පසු තරුණිය මිය යයි මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ තරුණිය සැත්කමෙන් දින තුනකට පසු හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. 01 October 2017
ගල්කිස්සේ සිද්ධියට හිමිවරු දෙනමක් පොලිසියට ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්ට එරෙහිව ප්රකෝපකාරී ලෙස හැරසිරීමේ සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ජාතික බලමුලුව සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් සහ අරඹේපොළ රතනසාර හිමියන් හෙට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. 01 October 2017
ගැමුණු විජේරත්නගේ සහයත් සයිටම් විරෝධීන්ට සයිටම් ආයතනයට එරෙහිව ගෙන යන සටනට තම සහාය ලබා දෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමණු විජේරත්න මහතා පැවසීය. 01 October 2017
හල්දුම්මුල්ල බස් අනතුරින් දෙකක් මරුට 20 රෝහලට බණ්ඩාරවෙල සිට මරංගහවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ගල් ඇන්දක හැපීමෙන් දෙදෙනකු මියගොස් 20 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි. 01 October 2017
මල්ලිට දස වද දුන් අයියා අත්අඩංගුවට වයස අවුරුදු දොළහක පිරිමි ළමයෙකුට වද හිංසා කළැයි සැකපිට එම දරුවාගේ වැඩිමහළු සහෝදරයකු සහ සහෝදරයාගේ බිරිය ලෝක ළමා දිනය යෙදන අද අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි. 01 October 2017
පළාත් සභා ඡන්දයේ බලාපොරොත්තුව ඈතින් ඈතට ලබන වසරේ පළාත් සභා පැවැත්වීමේ බලාපොරොත්තුව 50%ට වඩා අඩු බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 01 October 2017
පොලිස් ඇමැතිගේ වාහනය හප්පා පලා ගිය තුනක් රිමාන්ඩ් පරිවාර රථ දෙකක් සමඟ ගමන් කරමින් තිබූ නීතිය හා සාමය ඇමැතිවරයාගේ රථය අනතුරට ලක් කර පළා ගිය බව කියන වාහනයක සිටි තිදෙනෙක් ලබන තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. 01 October 2017
සරණාගත කඳවුරට ගල්ගැසී යැයි හතරක් රිමාන්ඩ් මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස නිවසක් අසල නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 01 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026