(ඩයනා උදයංගනී)
රටේ අනාගත දියුණුව ඇතිකිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා යන දෙපළ කෙරෙහිම විශ්වාසයක් තැබිය නොහැකි නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී නව නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී නීතිගරුක පාලනයක් වෙනුවෙන් ඒකරාශී වූ පිරිස සමඟ එක්ව එම අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවද එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.
දේශපාලනය නොදන්න අයෙකුට රටක් පාලනය කළ නොහැකි බව කී මහාචාර්යවරයා තෝරාගන්නා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා කවර මතයක් දරණ කවර පක්ෂයක් තුළ සිටි අයෙකු වුවත් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා නම් ගියවර සෝභිත හාමුදුරුවන් මුලා කළ ආකාරයේ ලියවිල්ලකට නොව බරපතල නෛතික ලියවිල්ලකට අත්සන් තැබිය යුතු බව ද සඳහන් කළේය.
මහාචාර්ය සරත් විජේසූරිය මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම ජාතික ව්‍යාපාර කාර්යාලයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ අදහසක්. ඔක්කොම යවලා හොඳ කෙනෙක්ව තෝරා ගමු.
වැඩේ ජයගන්න නම් ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් තරමේ නිර්පාක්ෂික ඡන්දදායකයින් පිරිසකුත් හොයා ගන්න වෙයි.
මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. එහෙම වුනොත් රටේ සියලු උගතුන්, ඇතුලුව සියලුම දෙනා පෙල ගැසෙනු ඇත. නැත්නම් මේ දේශපාලුවෝ රට ඉවරම කරනවා .
ඉන්න අය ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඔක්කොම එකම බෝට්ටුවේ.
ලස්සනට ගොඩ නැගීගෙන ආව රට ආපහු අවුරුදු ගවගානක් පස්සට ඇද්දේ තමුන්ලා
එක සැරයක් මේගොල්ලො ශාෂ්ත්‍රිය ලෙස ජනතාව ඇන්දුවා. ඔය ආයෙත් සැරයක් අර අඳින්නෙ ඒකට. ඡන්දයක් ලංවෙනකොට ඔන්න ටික ටික එළියට එනවා.
රෑ වැටුන වලේ දවලුත් වැටෙනවා නේද !
තව දුරටත් නිර්පාක්ෂික අපේක්ෂක හරියන්න නැහැ. ජවිපෙ බලයට ගෙන්න උත්සාහ කරන්න.
වෙන කරන්න දෙයක් නැහැ. ලෙඩේ හොඳ වෙනවනම් දොස්තරලා කීයක් මාරු කලත් කමක් නැහැ. අපිත් ඔබතුමන්ලා සමගයි. පක්ෂ දේශපාලනය තමා මේ රට විනාස කරන්නේ.
දවල්ල් හීන දකින්න එපා මහත්තයෝ.... මේ රටේ ඔය හොරු ටික ඉන්නකන් කාටවත් උඩට යන්න දෙන්නේ නැහැ. මේක හරියට සාපයක් වගේ අපේ රටට.
මේ නඩය තමයි හංස ගීතය කලින් ගෙනාවේ..................... ඩොලර් කාක්කෝ