(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවය ලංකා ඉතිහාසයේ දැවැන්තම සහ දීර්ඝතම විරෝධතාවය බවත් ඒ සදහා ලක්ෂ දෙකට අධික ජනතාවක් සහභාගී වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා කොළඹදී පැවසීය.
විරෝධතාවය හේතුවෙන් කොළඹ නගරය මුලූමනින්ම අකර්මන්‍ය වී ආණ්ඩුවට කර කියා ගැනිමට නොහැකි වූ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේද කීවේය.
‘‘ අපි උද්ඝෝෂණ, සත්යග්රහ දැකළා තියෙනවා. ලංකා ඉතිහාසයේ මෙතෙක් දීර්ඝතම වේලාවක් වැඩිම ජනතාවක් සහභාගීවූ සාර්ථකම විරෝධතා වයාපාරය අපිට කොළඹදි පැවැත්වීමට අවස්ථාව ලැබුණ.
05 වැනිදා පස්වරු 12.00 වනවිට පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සියලූම කාර්යාල වසා දාලා ඉවරයි. ඊයේ දවසේ කොළඹ පාසල් වල එක දරුවෙක් නෑ, එක ගුරුවරයෙක් නෑ. හවස දෙක වනවිට කොළඹ නගරයේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල අපි ආක්‍රමණය කරලා ඉවරයි.
කොළඹ ජනාධිපති ලේකම් මාර්ගයේ සිට සියලූ මාර්ග අපි ආක්‍රමණය කරලා ඉවරයි. අපි මේ විරෝධතා පාගමන හරියටම 12.00ට ආරම්භ කළා. රූ 12.00 වනතෙක් පුරා පැය 12ක් මේ විරෝධතාවය පවත්වන්න අපිට හැකියාව ලැබුණා.
මේ විරෝධතාවය නැවැත්විම සදහා ආණ්ඩුව කරන්න පුලූවන් සියලූ උත්සාහයන් දැරුවා. අධිකරණයේ වාරණ නියෝග තුනක් ගන්න පොලීසිය උත්සාහ කළා.
විහාරමහාදේවි උද්‍යානයට 5000ක පොලිස් බළ ඇණියක් ගෙනාවා. කදුලූ ගෑස් 3000ක් ගෙනල්ලා බල ඇණි ගෙනල්ලා සියල්ල සැළසුම් කලා. බස්රථ වැඩිම ප්‍රමානයක් එන මහනුවර කොළඹ මාර්ගයේ නිට්ටඹුව නගරයේ කලින් දවසේ ? මහා කානුවක් කැපුවා. මේක නවත්වන්න අවශය සියලූ උත්සාහයන් මේ ආන්ඩුව යෙදුවා.
උදේ නමය දහය වෙනකොට කොළඹට දස අතින්ම මහා ජනතාවක් සහභාගි වන බව ආන්ඩුව අවබෝධ කරගත්තා. මේ නිසා ආන්ඩුව පසු බැස්සා. ආන්ඩුව ගෙනාපු පොලීසිය ආපසු බැරැක්ක වලට ගත්තා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ. දේවල් ඉතිහාස ගත වෙන්නේ කොහොමද මේවට කියන්නේ. මෝඩ වැඩ. අව්වේ හිටගෙන ගිරිය යටින් බෙරිහන් දෙමින් දැන් බලය ලැබුනද.?
ඔබ තුමා ඔය කියන්නේ 5 වෙනිදා එක ගැනද වෙනත් එකක් ගැනද? 5 වෙනිදානම් එහෙම දෙයක් උනා කියල ආරංචි නැහැ. එදා බස් රථ දහස් ගණනකින් සෙනග ගෙන්වනවා යයි කීවද ආවේ බස් රථ 275ක් පමණ බව පොලිසිය කියන්නේ. ලේක් හවුස් වටරවුමේ දැමිය හැක්කේ උපරිම 5000 ක පිරිසකි. එසේනම් පසුගිය මැයි දිනය දා ගෝල්ෆේස් පිටියට ගෙන ආ පිරිසෙන් අරික් කාලක්වත් ගෙන්වා ගැනීමට මෙදා නොහැකි විය. රාත්‍රිය පහන් කරන බවටත් ආණ්ඩුව පෙරලනතුරු කොළඹ වටලන බවටත් පාරම් බෑ කතා කිසිවක් ඉටු උනේ නැත. වටලනවා යැයි කීවද අවසානයේ වැටලූ කිසිදු ආණ්ඩුවේ මර්මස්ථානයක් නොවීය.
කරුණාකරලා ගිහිල්ල අර අහිංසක පියාගේ අවමගුලටයි ඒ පවුලේ අනාගතයටයි කියා ආයෝජනයක් කරන්න.
නින්දෙන් නෑගිටින්න මහත්තයො..
ඊයේ දවසේ කොළඹ පාසල් වල එක දරුවෙක් නෑ, එක ගුරුවරයෙක් නෑ. මේවාට වගකිය යුත්තේ ඔබලයි. සතියේ වැඩ කරන දවසක මෙවැනි උද්ඝෝෂණ කිරීමෙන් පිඩාවට පත්වෙන්නේ වැඩ කරන මහජනයා මිස මැති ඇමතිවරුන් නොවේයි. බලය තිබුනත් නැතත් මැති ඇමතිවරු ගෙවන්නේ සුඛෝපබෝගී ජීවිත දුදරුවන්ගේ අධ්‍යාපනය විදේශ රටවල සහ ජාත්‍යන්තර පාසල්වල. ඔබලාට ඡන්දය දෙන අහිංසක මහජනයාගේ ජීවනය සහ දුදරුවන්ගේ අධ්‍යාපනය ???
ජනබල තව කොට්ච්ර කලත් හොරු හිරේට යන එක යනවමයි. රට අවුල් කරලා චෝදනා වලින් ගැලවෙන්න බැහැ.
අති සාර්ථකයි. ලක්ෂ 17ක් ආවා. ආණ්ඩුව ගෙදර ගියා.
සිල්ලර කතා.
මෙතුමා ඉතිහාසේ භූගෝලය මොකවත් දන්නැනේ
මේක අහිංසක රටක්. වැරදි කරලා ඒවායින් බේරෙන්න ජනතාව බිල්ලට දෙන මේ වගේ සමාජ සේවකයෝ ලෝකේ කොහේවත් නැතුව ඇති .
කතාව සහතික ඇත්ත.පදමට සූර්වී බේබද්දන් පාරේ නැටුවා.පාරේ කුණු ගොඩවල් සුද්ද කිරීමට රටේ මුදල් වැයවුණා.පරණ කිරි බී කොටසකට අසනීප වූවා. ආණ්ඩුව ලොකු මල්ලක දාගෙන පවිත්‍රා නෝනා ගෙදර ගියා.ඉතිහාසයට මෙවන් වාර්තාවක් මීට පෙර එකතුවී නැතුව ඇති.
මේවට කොහොමද කියන්නේ රජය දැනගස්සුව කියල. ජනතාව ගෙනල්ලා පෙන්නලා වැඩක් නෑ.... එතන උන දෙයක් නෑනේ බොරුවට සල්ලි නැති නොකර හිටියා නම් මීට වඩා වටිනවා