(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ඒකාබද්ධ විපක්ෂය කොළඹට කොච්චර සෙනඟක් ගෙනාවත් අප බය වෙන්නේ නැහැ.අප මීට වඩා දෙගුණයක් සෙනඟ කොළඹට ගෙනල්ලා පෙන්වනවා‘‘ යැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.
අලවතුවල මහතා මේ බව පැවැසුවේ තැපැල් කාර්යාල ආඥා පනත යටතේ ව්‍යවස්ථා පිළිබඳ විවාදයේදීය.
ජේ.සී.අලවතුවල මහතා මෙසේද කීවේය.
“මෙයාලා කොළඹට සෙනඟ ගෙනාවේ අල්ලස් දීලයි.මත්පැන් අරක්කු බෙදලයි.සෙනඟ පෙන්නලා බලය ගන්න බැහැ.හිටපු පාලකයින් කරපු දේවල් ජනතාවට අමතක නැහැ.මහින්ද අද හැම පෝයටම සිහින දකිනවා.ජනතාවට ජයග්‍රහණ දුන්නේ යහ පාලන ආණ්ඩුවයි.මේ ආණ්ඩුව පෙරළන්න ශක්‍රයාටවත් බැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොන කාලෙටද? මේ මිලනියම් එකේද නැතිනම් 3 වෙනි මිලනියම් එකේද? කරන්න පුළුවන් දෙයක් කියන්න.
මීට වැඩ දෙගුණයක් ගෙනල්ලා, මොකද ඔලුබක්කෝ නටවන්නද? රටට සෙතක් මිනිස්සුන්ට කරදර නැතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් කරන්න, රුකඩ සංදර්ශන අපිට වැඩක් නැහැ.
අනේ මහත්තයෝ බොරු කයිවාරු නැතුව පළාත් සභා ජන්දය තියලා අඩුම ගානේ එක පළාත් සභාවක් දිනලා පෙන්නන්නකෝ..අපි මග බලන් ඉන්නේ ඔබතුමාලට කළගුණ සලකන්න
ඔයගොල්ලොත් අර පාරේම ගොස් දුප්පත් මිනිහාවම පීඩාවට ලක් නොකර රට සංවර්ධනය කරලා පෙන්නන්න. ඔයගොල්ලන්ව පත් කලේ සෙනග අදින්න නෙවෙයි රට සංවර්ධනය කරන්න.
පහුගිය කාලෙ මැයි රැළිවලින්, ඡන්දෙන් එහෙම අපි දැක්කා තරම. ඒවට ගෙන්නුවෙ ඔය කියපු දේවල් එකක්වත්ම නොකර වෙන්න ඇති නේද ..?
ඔබතුමාලා කියන කියන විදියට ඉන්න පිරිසකුත් ලංකාවේ ඉන්න නිසා හොඳයි.
දෙගුණයක් ගෙන්වලා කරපු සංවර්ධනය පෙන්නන්න වෙන්න ඇති...
හිනාව නවත්තගන්නත් බැහැ. කරන්න පුළුවන් දෙයක් කියන්න එපැයි කියන්න.
සංවත්සරේට සිරිකොතේ ලැස්ති කරලා තිබ්බ පුටු ගාන දැක්කා.
අනේ කරුනාකරලා මිනිස්සුන්ට නිවාඩු දවසක් ගේන්න හොදේ. අපිට ගෙවල් වලට යන්න බැරුව පාරවල්වල රස්තියාදුවෙලා ඇතිවෙලා තියෙන්නෙ.
මෙයින් දෙසපාලකයන්ගේ මානසික මට්ටම තක්සේරු කරගන්න පුළුවන්.. ඔවුන් දෙන්න හදන්නෙත් ඉල්ලුමට සැපයුම. නමුත් මම හිතන් නෑ ඉස්සර වගේ රටේ ජනතාව මේ වගේ සන්දර්ශන වලින් පිනවන්න පුළුවන් කියල. එක ඔප්පු උනා පහු ගිය පුංචි ඡන්දෙන්. ඒ ආණ්ඩු විරෝධී කැරැල්ල තමයි දැන් පොහොට්ටුව වටා රොක් වෙන්නේ. මිනිස්සුන්ට වෙන විකල්පයක් ලැබෙන තාක් කල් මේ මහා පිල් දෙකට බලය මාරු වේවි තියේවි. හරි හමන් තුන් වෙනි බලවේගයක අවශ්‍යතාව තදින් ඉස්මතුවී ඇති කාලයකි.
ඔය ජන බලේ අසාර්ථක නම් මේ කියන්නනේ අපි උන්ට වඩා මෝඩයි කියන එක
ඔබ හරි .....පාර්ලිමේන්තුවේ ඉන්න මෝඩ චුන්ලා ගෙන් තවත් කෙනෙක් ...
කුරුණෑගල අපි නොදන්නා චෙස්ස්...
මිට වැඩිය දෙගුණයක් රටට යමක් කරලා බලන්න. එවිට දෙගුණයක් නෙමෙයි රටම එකතුවෙයි ඔබලා වටා.
මේ රටේ ඉන්න අයට සෙනග ගැන ගැන ඉන්න තරම් පිස්සුවක් නෑ. උදේ ඉදන් රැ වෙනකම් නැහෙන්නේ ඔය රැල නඩත්තු කරන්න බදු ගෙවන්න සල්ලි හම්බ කරන්න. අපිට බයිස්කෝප් පෙන්නන්නේ නැතුව මේ රටට වැඩක් කරන්න. ආවෙ එහෙම කියාගෙන නෙ. තවත් දොඩව දොඩව ඉන්නෙ නැතුව වැඩ කරල පෙන්නන්න පුළුවන්නම් එදාට මිනිස්සු හිස නමයි.
මේවගේ මීහරක් තමයි දැන් ඉන්නේ.
ඔව්, හැමෝටම ගෙන්න පුළුවන් ලේසියෙන්ම. ගෙන්න නෙවයි, දක්කන් එන්නයි පුළුවන්.
මේ කවුද මොනවද කියන්නේ
කොපමණ මිනිස්සු මෙයාලට කැමතිද කියලා බොහොම ළඟදීම දැනගන්න පුළුවන් වේවි... මෙයාලට මිනිස්සු කෙළගහන දවස දැඩි ඇතක නෙමේ... රටේ සල්ලි ටික සේරම හොරා කාලා දැන් වැදී බණ කියනවා.