අංජුල මහික වීරරත්න
කොළඹ අරලියගහ මන්දිර පරිශ්‍රයේ ඇති විශාල උත්සව ශාලාව මින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවාහ මංගල්‍ය උත්සව සඳහාවත් නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඉහත තීරණය ගනු ලැබුයේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සැළකිල්ලට ගැනීමෙන් පසුවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍ය සඳහා අරලියගහ මන්දිරයේ උත්සව ශාලාව ලබාදීම වෙනුවෙන් රුපියල් විසි එක් ලක්ෂ අසුදහසක මුදලක් අයකරගෙන තිබිණි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත් වු අදහස් සැළකිල්ලට ගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවත් මෙම ශාලාව නොදීමට තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් මෙය හොඳ ක්‍රියාවක්.
චතුරට විතරද හොඳ! ඇයි අපිට නරකද ?
එතකොට චතුර වගේ නැකත් හම්බවෙනකොට හොටෙල් වෙන්කරගන්න බැරි අයට මොනවද කරන්නේ?
අපි මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනි? කෙහෙල් ගහට කොටලා හොට පැටලිලා, දැන් කියනවා ඉස්සරහට දෙන්නේ නෑ කියල.