(ටී.කේ.ජී.කපිල )
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය 60 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි.
ඇය අද අලුයම 4.00 ට ඉන්දියාව බලා පිටත්ව යන ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9W255 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ ශ්‍රී ලංකා රුපියල් 37,27,344 ක් වටිනා ඇමෙරිකා ඩොලර් සහ ස්විස් ෆ්‍රෑන්ක් තොගයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd