(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
‘‘ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පුස්සක්.විස්ල් ගහපු විදිහට බල්ටි නැහැ.‘‘ යැයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.
නලීන් බණ්ඩාර මහතා මේ බව පැවැසුවේ තැපැල් කාර්යාල ආඥා පනත යටතේ ව්‍යවස්ථා පිළිබඳ විවාදයේදීය.
නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.
“ එයාලාට කිව්ව ගණන් ගේන්න බැරිව ගියා.බස් ආවෙත් ටිකයි.එක බස් එකක ආවේ දහයකට අඩු ගාණක්.වැඩේ අසාර්ථක වුණා.මෙය රටට ජනතාවට ආදරයෙන් ආපු ගමනක් නොවෙයි.එක පවුලක පිරිසකට බලය ගන්න ආපු ගමනක් කොළඹ වටිනා ඉඩම් ටික චීනයට සින්නක්කරව විකුණපු අයට යළි කොළඹට පය ගහන්න අයිතියක් නැහැ.
මොන උද්ඝෝෂණ කළත් ආණ්ඩුව සැලෙන්නේ නැහැ.ආණ්ඩුව ඉදිරියට යනවා‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා අනුන්ගෙ දේවල් හොයන්න යන්න එපා. තමන්ගේ වගකීම හරියට ඉටු කරන්න. අපිට ඔය දෙගොල්ලගෙ විකාර එපාවෙලා තියෙන්නෙ. රටට වැඩක් කරන්න කරුනාකරල.
හරි අපි පිළිගත්තා.
ඔබතුමා ඇස් පරික්ෂා කර ගත්තොත් මොකද
කතන්දර වැඩක් නැහැනේ. ඡන්දයක් තියලා පෙන්නනකො ඔයාලගේ ඔය බලේ.
රටට වැඩක් කරන්න. අපිට ඔයාලගේ දිනුම පැරදුම වැඩක්ම නැහැ.
ඔය පිට රටින් ගේන මිදී ටිකක්වත් කාලා බලන්න. සමහරවිට ඒවා තිත්ත නැතුව ඇති.
අපි හොද හැටි දැක්කා
මහජනතාවට ප්‍රයෝජනවත් වැඩක් කරන්න.
මේගොල්ලෝ ස්ටේජ් ගැසුවේ නැහැ මීටින් තියනවා කීවේ කථිකයෝ ලැහැස්ති කලේ නැහැ කීවේ රජයට විරුද්දව ජනතාව ගෙන්වනවා කියලා පමණයි. ඉතින් එක කළා කො අර හීනෙන් බයවෙලා වගේ රටේ කෝලාහල ඇතිකරන්න හදනවා කියලා කෑගහපු යු එන් පී ටික.
ඒක නිසා වෙන්න ඇති බස් නැවැත්තුවේ.
බල්ලෝ උඩුබිරුවාට කන්දක් සෙලවෙන්නේ නැහැ නේ!
අනේ කුරුණෑගල අය දන්නවා මේ අයගේ කෙරුවාව. කයිය විතරයි. ඡන්ද කීයද ලැබුනේ. අගමැතිගෙන් ලකුණු ගන්න දගලනවා. පාරකට පස් කුඩයක්වත් දාලා නෑ. ඉන්දියාවට පොහොර දෙන්න කතාව.
කරුණාකර , ඡන්දයක් තියලා බලන්න. ඉන්පසු ඔබ තුමාගේ වචනයට අපි ගරු කරන්නම්.
පුස්සෝ කියන කතා ගනං ගන්න එපා එච්චර... මෙයත් අර යහපාලනේ පුස්සෙක් විතරයි