නාලක සංජීව දහනායක සහ හසිත රංග ගුණතිලක
ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය ආණ්ඩුව ගෙදර යවන තුරු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (5) පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජන බලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹදී ඒ බව සඳහන් කළේය.
“ජනතාවට අහිමිකර ඇති ප්රජාතන්ත්රවාදී බලය මෙම සත්‍යග්‍රහය හරහා යළි ඉදිරියට ගෙන ඒමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපි අරගලයක් ආරම්භ කර තිබෙනවා. මේ අරගලය එහි පළමු පියවරයි. ප්රජාතන්ත්රවිරෝධී මේ ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අද කොළඹට එක්වී සිටිනවා. මේ ආණ්ඩුව ගෙදර යවනතුරු අපි මේ විරෝධතා ව්‍යාපාරයට ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා”.
මෙහිදි ජනතාව අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීය.
“කොළඹට පැමිණි මේ ජනතාවගේ ජනමතයට ආණ්ඩුව හිස නැමුවේ නැතිනම් ඉදිරියේදී ජනතාව මීටත් වඩා දරුණු පියවර ගනීවි. අපි මේ විරෝධතාව සාමකාමීව කරනවා. මෙම විරෝධතාවට එරෙහිව අවම බලය භාවිත කරන බව පොලිස්පතිවරයා මාධ්‍යයට කියා තිබුණා. හැබැයි පොලිස්පතිවරයාගේ අවම බලයට වඩා ජනතාවගේ උපරිම බලය වැඩියි.
මේ විරෝධතා කඩා කප්පල් කරන්න ආණ්ඩුව උපරිම පියවර ගත්තා. පෞද්ගලික බස් රථවලට බලපත්‍ර ලබාදීම නතර කළා. ඒත් ආණ්ඩුවේ නියෝගයට අවනත නොවී පෞද්ගලික බස් රථ අපිත් සමඟ එකතු වුණා. අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. අපි අද කොළඹ නොනිදන නගරයක් බවට පත් කරනවා. අපි නිදි වර්ජිතව කොළඹ රැය පහන් කරනවා. ජනතාව අපිත් සමඟ ඉන්නවා. කොළඹ රැය පහන් කිරීමට ජනතාව සූදානමින් ඉන්නවා. අප ජනතාව සමඟ සිටිනවා”.
මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කීය.
“ කොළඹට පැමිණ සිටින මේ විශාල ජනතාවගෙන් ආණ්ඩුවට තිබෙන විරෝධය පෙන්නුම් කරනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ඒ අයගේ ගෙදර අයයි හැරුණාම අනිත් ඔක්කොම දෙනා අද අපිත් එක්ක ඉන්නවා. අන් සියලුම දෙනා කොළඹට ඇවිත් ඉන්නවා. දැන් මේ ආණ්ඩුව කල් ඉකුත් වෙච්ච ආණ්ඩුවක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ රට නැවත සංවර්ධනය කරා ගෙන යන්න මේ ජනතාව සූදානම්. ඒක නිසා ඉතාම ඉක්මනින් ජාතික මැතිවරණයක් කැඳවා මේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා”.
මෙහිදි අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ කීය.
“
“බලාපොරොත්තු වුණාටවත් වැඩි ජනතාවක් අද කොළඹට ඇවිත් ඉන්නවා. මේ වගේම විශාල ජනතාවක් කොළඹට එමින් සිටින බවට අපිට තොරතුරු ලැබෙමින් තිබෙනවා. මේ විශාල ජනකාය දක්වන ප්‍රතිචාර අනුව අපි මීළඟ සැලසුම් සකස් කරනවා”.
මෙහිදි ජනතාව ඇමතූ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අලහප්පෙරුම මහතා මෙසේ කීය.
“කොළඹට ගැලූ මෙම මහජන ගංඟාව ඉතිහාසයේ උද්ඝෝෂණයකට මෙන්ම අරගලයකට කොළඹට ගැලූ විශාලම ජන ගංගාව ලෙස ඉතිහාස ගත වෙනවා. මේ වනවිට කොළඹ තියෙන්නේ මහ ජනතාවගේ අත්අඩංගුවේ. කොළඹින් පිටට යන්න ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පොලිස්පතිවරයාටත් අපේ අවසරය මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවට විරුද්ධව මේ ජනපවුර රැස්ව සිටින්නේ යහපාලන ආණ්ඩුව පලවා හැරීමටයි.
පෙබරවාරි 10 වැනිදා පණිවුඩය කියවාගන්න ආණ්ඩුව අසමත් වුණා නම් මෙම සත්‍යග්‍රහය ආණ්ඩුවිරෝධී ජන මතය උරගා බලන්න හොඳම අවස්ථාවයි. මෙම සාමකාමී සත්‍යග්‍රහයත් සාමකාමී සත්‍යක්‍රියාවත් නිහඬ විරෝධයත් ප්රජාතන්ත්රවාදී සෑම මූලධර්මයක්ම අනුගමනය කරන සත්‍ය ක්‍රියාවක් වනවා. ආණ්ඩුවේ නොයෙක බාධක මැද කොළඹට මෙම ජනතාව රැස්වුණේ ආණ්ඩුවට විරෝධය පෑමටයි. ජනතාවගේ මූලික වුවමනාව තේරුම් ගෙන ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි.
මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ ද කීය.
“ජනතාව සමඟ ඉටි පන්දම් පත්තු කරමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් අද දවසේ ජනතාවත් සමඟ අපි රාත්‍රිය ගත කරනවා. මේ ඇවිල්ලා ඉන්න ජනතාව ඇස්තමේන්තු කරන්න අමාරුයි. ඒ තරම් විශාල ජනතාක් අද කොළඹට රැස්ව සිටිනවා. හැතැප්ම ගණනක් දුර ඉඳන් ජනතාව ඇවිත් ඉන්නවා. ජනතාව පීඩාවට පත්වී සිටියත් ආණ්ඩුවට විරෝධය පෑමට ජනතාව අපත් සමඟ එක්වී සිටිනවා. කළමනාකරණය කරන්න බැරි තරම් ජනතාවක් රැස්ව සිටිනවා. කොතරම් පීඩාවට පත්ව සිටියත් ජනතාව අපත් සමඟ මේ ආණ්ඩුව පලවා හරින තුරු රැඳි සිටිනවා”.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ජන ගඟක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. 2015 දී දැක්කෙත් නෑ. දැන් කතා කරන ප්රජාතන්ත්රවාදය එදා නයාට අඳු කොළ වගේ වුනා. ඒ පාර තමයි පක්ෂ දේශපාලනයෙන් තොරව සිවිල් සමාජය විදිහට රාජපක්ෂලාව යැව්වේ. අපි ඕනේ නම් ජන ගඟක් ගෙනල්ලා පෙන්නන්නම් ඇඬෙන්නම. ඒත් මේක ඒකට වෙලාව නෙමේ.
හරියට හරි.
තමන්ට එරෙහිව තියන නඩුවලින් බේරන්නත්, ජනතාවගේ අවධානය වෙන පැත්තට හරවන්නනත් කරන උත්සාහයක් හැර රට ගැන හෝ ජනතාව වෙනුවෙන් හෝ නොවෙයි.
මේ මගේ නමින් ලියන අලුත් සපුමල්ගේ කියුම් වලට මාව ගාගන්න එපා. මගේ භාෂා ශෛලිය මීට වෙනස්. ඒකයි මා නොම්මර 1 කියා සටහන් කලේ. මාගේ කාරුණික හා අන් අයට ගරු කිරීම ආදී දේ මෙහි ලියන කියවන අය දන්නවා.
ඔබතුමාලා කියන විදිහට ආණ්ඩුව ගෙදර යැවුවා කියමුකෝ, ඊට පස්සේ අපට තිබෙන දැවෙන ප්‍රශ්න වන, රටේ නිතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම, නඩු අවුරුදු ගණන් කල් යාම, ජිවන බර ඉහල යාම, විරැකියාව, ප්‍රවාහන අර්බුදය ,අධ්‍යාපන අර්බුද, සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න වැනි මෙකි නොකී ප්‍රශ්න විසදීමට ඔබල සතුව ඇති සැලසුම් මොනවද ? එම දෙන පොරොන්දු ඔබලා බලයට පත්වුණා පසුව ඉටු කරන බවට අපට දෙන්න පුළුවන් සහතිකය කුමක්ද ? සුසිල් ප්‍රේමජයන්ත වැනි මහත්වරු පසුගිය ආණ්ඩු කිහිපයේම පසුගිය අවරුදු 10-15 ඇමතිකම් දරමින් කටයුතු කළේය , මොවුන්ට ඉදිරියටත් ඇමතිකම් දුන්නොත් වෙනසක් සිදු කල හැකිද ?
තවත් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත එක හොඳයි. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් ඕනේ නමක් දාගෙන ලියන්න තහනමක් නෑ මිත්‍රයා.
මෙව්වට තමයි "දේශපාලන මරලතෝනි" කියන්නේ ..
5 වැනිදා රෑ 11.00 වෙනකොට සියලු විරෝධතා ඉවරයි. ඒ කියන්නේ දැන් රජය ගෙදර යවලා ද?
දිනේෂ් ගේ මහජන එක්සත් පෙරමුණ දැන් නැත්ද.? 56 දී දිනුව පක්ෂය නේද මේ හේදිලා තියෙන්නේ.
දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, මේ සියල්ලටම වඩා ඔබතුමාට කළහැකි තව දෙයක් තිබෙනවා. නීතියත් හොඳින්ම දන්නා ඔබතුමා ඔබතුමාලාගේ පක්ෂයට රජයෙන් වැරදි වෙනවානම්, රජය වැරදි නම්, ඔබතුමාලා නිවැරදිනම් නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නකෝ. එහෙම කොට ඔබතුමාලා සත්‍ය බව පෙන්නුවොත් අපේ ඡන්දත් ඔබතුමාලටයි. සත්තමයි.
මම උදේ ඇහැරුණ ගමන් බැලුවේ අපවිත්‍ර අය ආණ්ඩුව අරන් ගෙදර ගිහින්ද කියලා. මේ තවමත් ජනතාව ගොනාට අන්දලා, මහජන මුදල් තමයි වියදම් කරන්නේ. නැතිනම් ඔවුන්ගේ බූදලයෙන් නෙමේ. බුදල් හදාගෙන තියෙන්නෙත් මහජන මුදලෙන්. දැන් ඕනා, නඩු ටික කටුගාගන්න ක්‍රමයක්. ආණ්ඩු බලය.
ඔය කොරේ. පව් අනේ ඔයා.
ආණ්ඩුව ගෙදර යවල ...අයෙත් හොරා කන්නද හදන්නේ ..රට බංකොලොත් කරන කටිට්යක්......
"ආණ්ඩුව ගෙදර යවල ...අයෙත් හොරා කන්නද හදන්නේ" කියල ඊයේ නින්දෙන් ඇහැරුණා කෙනෙක් අහනවා හලෝ වෙන් කාටවත් හොරා කන්න ඉතිරිකරලා නැහැ මහා බැංකුවම හොරා කාල සල්ලිත් බෙදාගෙන ඉවරයි. මෙපමණ කල් නිදාගෙන හිටියානම් ඇහැරිලා සිටිය කෙනෙකුගෙන් රටට උන සන්හදිය අහලාම දැනගන්නකො
බමුණු මහත්තයෝ මේ ආණ්ඩුව හොඳයි කියලා කියන්නේ නැහැ. නමුත් සහෝදර සමාගම කරපු කියපු දේවල් දිහා ටිකක් ඇස් ඇරලා බලන්න කොයිතරම් නම් හොරකම් වංචා කලාද අනික අවුරුදු 20 ම ඒ ආණ්ඩුව නේද තිබුනේ ඒ කාලේ කරන්න බැරිවුණා ඒවාද දැන් කරන්න හදන්නේ. මේ ඔයාට තේරුනේ නැති වුනාට මේ කරන්නේ සහෝදර සමාගම ට තියෙන්නේ වංචා නඩු වලින් බේරෙන්න.
Bamunuarachchi - පරණ කට්ටිය සිල් අරගත්ත අය වෙන්න ඇති. මතක තියාගන්න ඉන්න 225 පමණක් නොමෙයි වුන්ට ගෑවිච්ච සේරමලාම හොරු. ඔයා එහෙම ඒ කට්ටියට අදාල නැහැ නේද?
දැන් බලන්න කිසිම කරදරයක් නැතුව මේ ගොල්ලෝ විරෝධතා දක්වනවා.
මෙතන අදහස් දාපු හැමෝගෙන්ම මම අහන්න කැමති රාජපක්ෂලා හොරුනම් අැයි මේ රජය ඡන්දය තියන්නෙ නැත්තෙ කියලා. ඡන්දය රටට අාදරේ කරන ජනතාව උබලට පෙන්නලා දෙයි හොරු කවුද කියලා ඡන්ද ප්‍රතිඵලයෙන්. අන්දයිනි අැස් අැරලා බලපල්ලා රටට වෙලා තියෙන දේ.
තව පළමු වෙඩිමුරයක් තියමුද.?