උණ්ඩ තුනක් සමග සන්ධාන මන්ත්‍රී දැලේ රත්මලාන ප්‍රදේශයේ මත් ජාවාරම්කරුවකුට අයත් බව කියන මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ තුනක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 01 October 2017
හෙට සත්තුවත්තට ඇතුළුවීම නොමිලේ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය යෙදෙන හෙට දවසේ දී දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය, පාසැල් දරුවන්ට හා වැඩිහිටියන්ට නොමිලේ නැරඹිමට අව්සථාව උදා කර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජයසේන මහත්මිය පැවැසුවාය. 30 September 2017
සරණාගතයන් සිටි නිවසට ගල්ගැසූ තවත් 4 ක් දැළේ මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස නිවසක් අසල නොසන්සුන්කාර ලෙස හැසිරෙමින් නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනකතු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 30 September 2017
බූස්ස කඳවුර හිමිවරුන්ට තහනම් කලාපයක් ජාතිය බලමුළුව සංවිධානයේ හිමිවරුන්ට හෝ එම සංවිධානයට අයත් නොවන කවරහෝ හිමිනමකට හෝ අක්මීමන දයාරත්න හිමි ඇතුළු පැමිණෙන තැනැත්තන්ට හා වාහනවලට රෝහීන්ග්යා සරණාගතයන් රඳවා සිටින රැදවුම් කදවුර පරිශ්‍රය සහ ඒ අවට ඇති මාර්ගවල රැදී සිටීම හෝ ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. 30 September 2017
කටුගස්තොට පොලිසියේ 65ක් මාරු කරයි කටුගස්තොට පොලිසියේ නිලධාරින් 65 දෙනකු ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුව්මි ලබා දි ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 30 September 2017
රෝහින්ග්‍යාවරුන්ට විරෝධය පෑ අයෙක් රිමාන්ඩ් මියන්මාර සරණාගතයින් පිරිස රැදී සිටි ගල්කිස්සේ නිවස අසල කළහකාරීව හැසිරෙමින් එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයකු ඔක්තෝබර් 09 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද( 30) නියෝග කළේය. 30 September 2017
මානව හිමිකම් නියෝජිතයන් රෝහින්ග්‍යා වරුන්ගෙන් ඈත්කර තබති මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් රොහින්ග්යාවරුන්ගේ අර්බුදය සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම වළක්වාලීමට කටයුතු කළ බව එම සංවිධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. 30 September 2017
ඉන්ධන මිල ඉහල දැමීමට අයි.ඕ.සී. සූදානමක් ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට ලංකා අයිඕසී සමාගමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. සිදුවූ අලාභ හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදූවූ බවත් එම අලාභය දරගැනීමට නොහැකි නිසා මිල වැඩි කිරීම හැර තම සමාගමට වෙනත් විකල්පයක් නැති බවත් එහි නිලධාරීහු පැවසූහ. 30 September 2017
රෝහින්ග්‍යා සිද්ධියට කාන්තාවක අත්අඩංගුවට මියන්මාර සරණාගත පිරිස රැදී සිටි ගල්කිස්සේ නිවස අසල කළහකාරීව හැසිරුණැයි කියන සිද්ධියට අදාළව 43 හැවිරිදි කාන්තාවක ගල්කිස්ස ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විම්ර්ශන කොට්ඨාසය කියයි. 30 September 2017
ඇල්පිටියේ වතුයායක නිවාස 8 ක් ගිනිගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ 70 වන සැතපුම් කනුව අසල වතුයායකට අයත් නිවාස 08 ගිනිගනිමින් ඇතැයි ඇල්පිටිය පොලිස් කොට්ටාශයෙන් වාර්තාවේ. 30 September 2017
වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක් සයිටම් ආයතනය නිතිගත කිරිම ඉලක්ක කරගත් ව්‍යාජ විසඳුමක් තහවුරු කිරිමට බලධාරින් කටයුතු කළහොත් පුර්ව දැනුම්දිමකින් තොරව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. 29 September 2017
වැවිලි සංස්ථා සභාපතිට සිතාසි හා වෙරන්තු 500ක් රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතාට ඉකුත් මාස කිහිපයේ දී සිතාසි හා වරෙන්තු 500 කට ආසන්ක ප්‍රමාණයක් ලැබී ඇතැයි එම සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. 29 September 2017
සරණාගත මියන්මාර් පිරිසකට පහර දුන් අයෙක් අත්අඩංගුවට සරණාගත මියන්මාර ජාතිකයින් පිරිසක් රැදී සිටි ගල්කිස්සේ නිවසට පහර දී අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් පුද්ගලයකු අද (29) පස්වරුවේ බම්බලපිටිය ප්‍රදේශයේ දී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 29 September 2017
නැ’හිර සබේ නිල කාලය හෙටින් අවසන් නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය හෙට (30 ) මධ්‍යම රාත්‍රීයෙන් නිම වේ. 29 September 2017
ඇමැති හර්ෂගේ සයිටම් ගැටළුව ගැන වාර්තාව ප්‍රතික්ෂේප වේ සයිටම් ගැටළුව විසදීම සඳහා නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ කමිටු වාර්තාව එකහෙළා ප්‍රතික්ෂේප කරන බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි. 29 September 2017
ලංගම සභාපතිට කළ ප්‍රහාරයට විරෝධයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාට එම ප්‍රධාන කාර්යාලයේ දී මැර ප්‍රහාරයක් එල්ල කිරිමට විරෝධය දක්වා එහි සේවක සේවිකාවෝ අද (29) විරෝධතාවයක යෙදුණහ. 29 September 2017
මධ්‍යම නව අධ්‍යාපන ලේකම් පත් කෙරේ මධ්‍යම පළාතේ නව අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ආර්.එම්.පී.එස් රත්නායක මහතා අද (29) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. 29 September 2017
මත්ස්‍ය අපනයනවලට තහනමක් වැටීමේ අවදානමක් ධීවර කර්මාන්තයේදී බහුදින ධීවර යාත්‍රා භාවිත කරන මරුවැල් හෙවත් ලෝන්ග් ලයින් ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට මෙරට ධීවර ප්‍රජාව පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ මෙරට මත්ස්‍ය අපනයනවලට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තහනමක් පැනවීමේ අවදානමක් මතු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 29 September 2017
සංවිධානාත්මක අපරාධ මර්දනයට සහය ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍යයක ගෙන එනු ලබන පුද්ගලයින්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා මත්ද්‍රව්‍ය විකුණනු ලබන පුද්ගලයින් පාලනය කිරීම සදහා තාක්ෂණික හා අනෙකුත් අවශ්‍ය සහාය ලබා දීමට සන්නද්ධ ශක්තිය පාලනය කිරීම පිළිබදව ජිනීවාහි අන්තර්ජාතික ආරක්ෂක අංශයේ උපදේශාත්මක කණ්ඩායම් කැමැත්ත පළ කර ඇත. 29 September 2017
උතුරු සබේ ශ්‍රිලනිපේ 13 ක් පොදු පෙරමුණට උතුරු මැද පළාත් සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරුන් 13 දෙනෙක් අද (29) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ. 29 September 2017
සැලසිනේ හිටපු සභාපති අල්ලන්න වරෙන්තු සැලසිනේ රූපවාහිනි ආයතනයේ හිටපු සභපති ප්‍රදීප් උදයකුමාර එදිරිසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(29) විවෘත වරෙන්තු නිකුත් කළේය. 29 September 2017
මුම්බායි දුම්රියපොළක තෙරපීමකින් 22ක් මරුට ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන දුම්රියපොළක සිදුවූ තෙරපීමකින් 22ක් මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි. 29 September 2017
‘විද්‍යා ඝාතන තීන්දුව සාධාරණයි‘ - සම්බන්ධන් යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ වරදකරුවන්ට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කළ තීන්දුව සාධාරණ තීන්දුවක් බවත් මෙවන් ක්‍රියාවල නිරත සියලු දෙනාම තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. 29 September 2017
යාපනයේ හෙට හර්තාල් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ඝාතකයින්ට පැනයාමට උපකාර කළ බව කියන රාජ්‍ය අමාත්‍ය විජයකාල මහේෂ්වරන් මහත්මිය ඇතුලූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලා හෙට (30) යාපනයේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට ජනතාව කටයුතු කරන බවට ආරක්ෂක අංශ කියයි. 29 September 2017
සින්නයියාට ඉක්මනින් යන්න වෙන ලකුණු ශි‍්‍ර ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්කර සිටින වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත්තේ මාසයක සේවා දිගුවක් පමණක් බව නාවික හමුදා ආරංචි පවසයි. 29 September 2017
මත්පෙති සමඟ වේල්ලවීදියෙන් අයෙක් අත්අඩංගුවට මත්පෙති 29,200 ට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 29 September 2017
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි පවසයි. 29 September 2017
ලබන වසරේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන බව අගමැති කියයි සියලූම උසස් පෙළ සිසුන්ට ලබන වසරේ සිට ටැබ් පරිගණකයක් ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(29) කෝට්ටේදී පැවසීය. 29 September 2017
’ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා’ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර සිංහල ජනයා නොමග යැවීමේ අධම උපක්‍රමයක යෙදී ඇතැයි ද, 29 September 2017
චාරිකාව ගොස් එද්දී අනතුරක - 18ක් රෝහලේ පුත්තලම - හලාවත මාර්ගයේ මුන්දලමේදී බස් රථයක් නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති. 29 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026