(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පැවැත්වෙන හෙට (5) පාර්ලිමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් දීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර ඇත.
උද්ඝෝෂණකරුවන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහ දැරුවොත් ඒ උත්සාහය වැළැක්වීමට පියවර ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් යොදවන බව කී පොලිස්පතිවරයා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට නිදහසේ පැමිණීමට ආරක්ෂක වාතාවරණය සකසන බවද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (4) පස්වරුවේ එහි පැමිණියේය.
පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක්ද සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවකද නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලකයන් ජනතාවට මේ හැටි බය ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරන බව දන්නා නිසයි. ජනතා නැගිටීමට යහපාලකයන් දෙදරුම් කා ඇත.
දැන්ම බය වෙලා
ඔව් එහෙම කරන්න නේද? දියවන්නාවේ ඇතුලේ ඉන්න බබ්බු ටික ආරක්ෂා කරන්න ඕනනේ... පුදුම කලකිරීමක් තියෙන්නේ මා හට ලංකාව ගැන. රට පිළිබද කිසිදු පාලකයෙක්ට කැක්කුමක් නැහැ. අපේ මෝඩ මිනිස්සුන්ටත් බත් පැකට් එකක් දීලා රුපියල් 1000 අතට දුන්න ගමන් මිනී උනත් මරයි.
මේ රට ගැන - මෙහෙ ඉන්න පාලකයෝ ගැන - සහ ඊටත් වැඩිය උන්ව ඒ තැනට යවන මේ බත් කන හරක් ගැන තියෙන්නේ පුදුම කලකිරීමක් . අපිට පුළුවන් කාලේ - මේක මෙච්චරම කුණු වෙන බව දන්නවනම් මොන ප්‍රශ්න තිබුණත් අපි මේක දමල යනවා පැත්තවත් බලන්නේ නැහැ දැන් ඉතින් අපේ දරුවෝ නම් මොහොතක් වත් අපි මෙහෙ තියන්නේ නැහැ මේක වාසය කරන්න හොඳ රටක් නෙමි