ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (05) නම් කරනු ලැබ තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය සැසිවාරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත එය සනාථ කරමින් සහතිකයය පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාව 2015 වසරේ දී මැලේරියා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2016 වසරේ දී බරවා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2017 වසරේ දී මවගෙන් දරුවාට බෝවන නව ජන්ම පිටගැස්ම රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ.
රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම සෞඛ්‍ය සේවාව 2018 වසරේ ලැබූ තවත් ජයග්‍රහණයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් වෙන්නේ රුබෙල්ලා නිවාරණයට හම්බෙන ජාත්‍යන්තර සහනාදාර ලංකාවට නොලැබී යන එක