(ඩී.කේ.රත්න)
හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේ දී කොළඹ පැවත්වෙන ජනබල මෙහෙයුමට යමින් තිබූ පෞද්ගලික බස් රථයකට අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (5) උදැසන පොලූ මුගුරුවලින් පහරදී ඇතැයි පොලීසිය පවසයි.
කැබ් රථයකින් පැමිණි පස් දෙනකුගෙන් යුත් මැර පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර තිබේ.
හාලිඇල ආසනයේ ප්‍රබල ක්‍රියාකාරිනියක විසින් මෙම බස් රථය කොළඹ ජනබල මෙහෙයුමට යාම සඳහා මුදල් ගෙවා වෙන්කර ගෙන තිබූ අතර හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේදී බස් රථයට පහරදී ඇත.
මෙම පහරදීමෙන් පසු එම අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් දස දෙනෙකු පමණ කොළඹ ජනබල මෙහෙයුමට යමින් තිබූ වෙනත් බස්රථයකට නංවා කොළඹ යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහකොට ගහන්න බලන් ඉන්නේ මොකටද. හැබැයි ජන බලය ඉවර වෙලා ගහනවානම් තමයි හොඳ එතකොට දෙකම කෙරෙනවා.
පළවෙනි ඡන්ද ප්‍රතිඵලය
ආණ්ඩුව උදේම වැඩ පටන් අරන් වගේ.....
"අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක්" මෙම කණ්ඩායම කවුරු විය හැකිද? මන්ද , අංක තහඩු රහිත සුදු වාහන තිබුන කාලය මතකද?
මිනිසුන්ගේ මෝඩ කම් වල සීමාවක් නැහැ.
ආණ්ඩුව කොච්චර බය වෙලාද කියල මේකෙන්ම පේනව. ජය වේවා ජන බල මෙහෙයුමට.
බසයේනම් 10 දෙනයි. කොළඹ පිරින්නේ මේ එන හිස් බස්වලින් මිස මිනිසුන්ගේ නොවන බව දැන්වත් රටේ සිටින පිරිස තේරුම් ගත යුතුයි.
මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාකොට මෙහි සත්‍ය අසත්ත්යතාව සොයා බලා වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම පොලීසියේ වගකීමයි. මන්ද යත් කිසිවෙකුගේ ප්රජාතන්ත්ර නිදහසට හානි කිරීම විශාල වරදක්. වැරදි කරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම පෙරදී අංක නොමැති වාහනවල ගොස් අපරාධ කර අයද පැමිණිලි පක්ෂයේ සිටින බවද පොලීසිය අමතක නොකළ යුතුයි. මෙය රජය අපකීර්තියට පත්කොට ජනතා මතය තමන් වෙත ගැනීමේ යටි උපායක් වීමටද පුළුවන. සමහර දෙනා මෙවැනි දේ සිදුවෙන බවට කලින් ඉඟි කොට තිබුණා. කෙසේ වෙතත් සත්‍ය සොයා වැරදි කරුවන්ට දඬුවම් කරන්න.
උෟ මට ගැහුවා ද ,මට උෟ ගැහුවා ද දන්නේ නැනේ
ඔව් 88/89 ගෝනිබිල්ලෝ සහ අංක තහඩු නැතුව ආවා.
වඩේ මුදලාලිගේ වැඩක්ද දන්නෑ......
අනේ පව්. මොකද මෙයාල මෙච්චරම බය වෙලා. සැගවිලා ගහන්නේ බයටනේ. මේ අය කොහෙද මැරයෝ වෙන්නේ.
මේ තමන්ම ගහගෙන ආණ්ඩුවේ පැත්තට දාන්න හදපු දෙයක්.
නිමල් මහත්තයෝ අවදි වෙන්න. දැන් තියෙන යහපාලන ආණ්ඩුව මිසක් රාජපක්ෂ ආණ්ඩුව නවෙයි, නමේ වැරෙද්දක්ද මන්දා.
මෝඩ කතා කියන්න එපා රුවන්. සල්ලි ගෙවලා හිස් බස් අරන් එන්න මේ අයට පිස්සු නෑ ඔයාට වගේ. මේ බසය එන්න ගමන් අරඹපු බස් රථයක් මිසක් ගමන නිම කරපු බස් රථයක් නෙවෙයිනේ. මේකට තව මිනිස්සු නගිනවා මගදි. ඒක වළක්වන්න තමයි මේ වගේ ප්‍රහාර එල්ල කරලා බලාපොරොත්තු වෙන්නෙ. ඡන්දෙට බය ආණ්ඩුව ගැන තව මොන කතාද ..?
මේ ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්න දේශපාලකයෝ හොඳ යාලුචෝ. කොහොද ඉන්න මෝඩ මිනුස්සු ටික ගහගන්නවා. මැති ඇමති පවුලේ මගුල් උත්සවවලට දියවන්නාවේ ඉන්න 225ම කිසිම බේදයකින් තොරව සහබාගිවෙනවා.
ඡන්දයෙන් දිනා ගැනීමට බැරි නිසා ලේ වැගිරීමක් මගින් ජනතාව කුපිත කර ඡන්ද ගැනීමට සමහර විට ඔවුන්ගේ අයකු බෝම්බ ගසා මැරීමට ඉඩ තිබේ. කසිප්පු බෝතලයට වහල් වී පස්සේ යන මෝඩ මිනිසුනේ තමුන්ගේ ජිවිත ගැන පරිස්සම් වන්න. කොහොමද යහපාලන ඉවසීම. වෙනසට සතුටුද. එදා වතුර ඉල්ලු අයට රතුපස්වල තිදෙනකු මැරීම මතකද. දැන් පළපුරුදු සිරිසේන රනිල් මෝඩ නැත.
මෙක තමයි අපේ යහපාලනයේ මැරයන්ගේ, සංහිඳියාවයි, ප්රජාතන්ත්රවාදයයි. මේ ඉන්න මැරයන් කතා කරනකොට කතා කරන්නේ, ලොකයේ කොහෙවත් නැති ප්රජාතන්ත්රවාදයක් අපේ රටේ ඇති කලා කියලා. බලනකොට රටේ ජනතාවට නිදහසේ උද්ඝෝෂණයක්වත් කරන්න බැහැ.