ඩී.ජී.සුගතපාල
ගාල්ල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පසුගිය 29 වැනි දා ඇතිවු ගැටුමේදී සිසුන් තිදෙනකුට පහරදී තුවාල සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිම සඳහා මේ මස 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.
මෙම ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශයේ සහ ඉංජිනේරු අංශයේ සිසුන් දෙපිරික් අතර පළමුවෙන්ම ඉකුත් 20 වැනි දා ගැටුමක් ඇතිවී ඇති අතර එහිදි සිසුන් තිදෙනකු තුවාල ලබා ඇත.
පසුව එම සිද්ධිය මුල්කරගෙන යළිත් 29 වැනි දා ගැටමුක් ඇතිවී තිබෙන අතර එහිදි සැකකාර සිසුන් දෙදෙනා විසින් පහරදී තුවාල සිදුකරන ලද බව කිය සිසුන් දෙදෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
එම ගැටුමෙන් පසු උසස් තාක්ෂණ ආයතනය වසා දැමීමට පාලන අධිකාරිය පියවර ගත් අතර සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා අක්මීමණ පොලිසිය පරික්ෂණ පවත්වනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd