(ශිරාන් රණසිංහ)
මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති විදුලි බලාගාර ව්‍යාපෘති කිහිපයක් ම විදුලිබල මණ්ඩලය ක්‍රියාවට නංවා නැතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එම විදුලි බලාගාර නිසි පරිදි ආරම්භ කළේ නම් මෙගාවොට් 4000කට වඩා වැඩි විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ගත හැකිව තිබූ බව ද කොමිසම කියා සිටී.
විදුලිබල මණ්ලය ඉංජිනේරුවන් ම සැකසූ මෙම ව්‍යාපෘති ඒ අයම නතර කර ඇතැයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ස්වභාවික වායු (එල්.එන්.ජී) සූර්ය බලශක්ති සහ සුළං බලාගාර ව්‍යාපෘති රැසකට ම මෙලෙස මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් හලෝ කොමිස්. ගැහිලි නැතිනම් වැඩ නැහැ. කරුණාකර එම ව්‍යාපෘති ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරන්න.