(අංජුල මහික වීරරත්න)
කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ගේ අවසාන කාලයේදී කළ අයුරින්ම පොහොට්ටු කල්ලිය ද ජනතාව පළිහක් කරගෙන තම පටු අරමුණු ඉටුකර ගැනීමේ දියාරු උත්සාහයක නිරතවන බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවසීය.
ජනතා මුදල් කොල්ල කෑ සොරුන්ට එරෙහි නඩු විභාගයක් ඇරැඹී ඇති බැවින් ඒවාට මුහුණදීමට නොහැකි සොරුන් පිරිවර ජනතා පළිහක් නිර්මාණය කරගෙන ආරක්ෂා වීමට කල්පනා කරමින් සිටින බව ද අමාත්‍ය අකිල විරාජ් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
වෙනත් රටවල් ආණ්ඩුවලට විරුද්ධව පෙළ ගැසෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ විට බව කී අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ රජයකට එරෙහිව පෙළ ගැසෙන අරමුණ ජනතාව සිහි බුද්ධියෙන් තේරුම්ගත යුතුව ඇතැයි ද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර කැක්කුමක් තියෙනව නම් මහ බැංකු හොරුන්ගෙත් නඩු විභාගය අරඹන්නනකෝ පුළුවන් නම් ඔය විදියට..කයිවාරුව විතරයි නේ වැඩ නෑනේ..
ශ්‍රී ලංකා පක්ෂය දෙකට කඩිලත් යුඅන්පි පළමු ඡන්දෙ පැරදුණ එක තමයි උණුසුම.........
කතාව සහතික ඇත්ත මේ පොහොට්ටු කල්ලිය පටු අරමුණු ඉටු කරගන්න දාලන එක. දැන් එතකොට දියවන්න ඔයේ අම්බරුවන් රෑනම මහජන මුදල්වලින් තමන්ගේ පළල අරමුණු යස අගේට ඉටුකර ගන්න එක ගැන මේ අම්බරුවගේ අදහස කුමක්ද ?????? තමන්ගේ ලොක්ක අර.. අර...දන්නේ නැද්ද .... සුත්තර පුංච මහා බැංකුව හොරා කෑවේ පටු අරමුණු හින්ද නොවේ පළල අරමුණු හින්ද නේද ?