ඉන්දිකා රාමනායක
ඒකාබද්ධ විපක්ෂය හෙට (5) පවත්වන උද්ඝෝෂණය හෝ විරෝධතා ව්‍යාපාරය නැවැත්වීමට පොලිසිය කිසිදු ඉල්ලීමක් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති බව රාජ්‍ය පරිපාලන, කලමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පැවසීය.
සාමකාමීව ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණය, විරෝධතා, රැස්වීම් පැවැත්වීමට යහපාලන රජය අවසර ලබා දී ඇති බවත් සාමාකාමීව උද්ඝෝෂණ පවත්වන්නේ නම් ඒ සඳහා පොලිසියේ කිසිදු බලපෑමක් ඇති නොවන බවද හෙතෙම කියා සිටියේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අද (4) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙම උද්ඝෝෂණ නැවැත්වීමට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් මාධ්‍ය ඇතුළු නොයෙක් ප‍්‍රචාර සිදුවන බවත් එය වැරදි ප‍්‍රචාරයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ නගරයේ රජයේ ආයතන වලට ඇතුළු වී අලාභහානි සිදුකරන බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය එම ආයතනය ආරක්ෂා කිරීමට අවශ්‍ය කි‍්‍රයා මාර්ග ගැනීමට අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටියද මෙම උද්ඝෝෂණය නැවැත්වීමට කිසිදු අධිකරණය නියෝගයක් ඉල්ලා නොසිටි බවද අමාත්‍යවරයා කියා සිටියේය.
රජයේ ස්ථාන , පොදු ස්ථාන , ආරක්ෂා කිරීම පොලිසියේ කාර්ය බාරය බවත් රජයේ කටයුතු වලට අවහිරයක් සිදුනොකර සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වන පිරිසට පොලිසියේ කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඒ සාමාකාමීව මෙම උද්ඝෝෂණ පැවැත්වීම පිරිස වගබලා ගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සාමකාමී උද්ඝෝෂණ , සාමකාමී පෙලපාළි පැවැත්වීමේ අයිතිය ශි‍්‍ර ලාකා පොලිසිය කිසිසේත් අවහිර කිරීමක් ,සීමා කිරීමක් සිදු නොකරන බවයි.
පොලිසිය එම නිදහස තහවුරු කරන බවත් සාමකාමී උද්ඝෝෂණ වලට පොලිසියේ උපරිම සහය ලබා දෙන බවත් අජිත් රෝහණ මහතා කියා සිටියේය.
අන් අයගේ අතියිවාසිකම් කඩවන පරිදි සාමකාමී උද්ඝෝෂණ පැවැත්වෙන්නේ නම් මහමාර්ගයේ අවහිරතා, රජයේ හා පොදු දේපළ වලට හානි සිදුවන්නේ නම් , කොළඹ නගරගේ රෝගීන් රැගෙන එන ගිලන් රථ, පාසල් දරුවන්ගේ එදිදෙනා කටයුතු වලට බාධා එල්ල වන්නේනම්, එවැනි අවස්ථාවක පොලිසියට නීතියේ විදිවිධාන අනුව කි‍්‍රයා කිරීමට සිදුවන බවද ඒ මහතා පැවසීය.
පොලිස් ආඥා පනතේ නියමයන් පටහැනිව කිසියම් අයකු ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කරන්නේනම් , පෙළපාලියක් , පෙරහැරයක් පවත්වන්නේ නම් ඒ සඳහා ගතයුතු කි‍්‍රයා මාර්ග පොලිස් ආඥාපනතේ සඳහන් වන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
පොලිසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීමට අධිකරණයෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බවත් එවැනි විශේෂ ස්ථාන වලට යම් සිදුවීමක් සිදු වුවහොත් එය වැලැක්වීම සඳහා ඇතැම් පොලිස් ස්ථාන මගින් අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටි බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටේම ඉන්නෙ ගොළුවන් බිහිරන් හා අන්ධයන් යැයි බලයෙන් උන්මත්තක දෝසපාලයකයෝ සිතති.
පොහොට්ටු කාරයන් හදන්නේ පස්වෙනිදාම ආණ්ඩුව ගන්නයි. ඒබව පවිත්‍රා නෝනා කියා තිබුනේ. එතුමියට එදාට සියබලාන්ඩුවවත් ගෙදර ගෙනියන්නට බැහැ. මේ වෙබ් අඩවියෙන් නිසි ප්‍රයෝජන ලැබෙන අපක්ෂපාතී විවේචනවලටත් කොයි වෙලෙත් සාහසික ලෙස පහර දෙන දෙදෙනෙක් තමයි බමුණු මහතා සහ ආර් එන් ජී මහතා. කොයි දේටත් ඒ අය ඉදිරියට දාන්නේ පොහොට්ටුව තමයි. තමන්ගේ පැත්තේ සියලු වැරදි වහන්න කොයි වෙලෙත් මතුරන්නේ බැඳුම්කර මන්තරේ තමයි. සියලු හොර මැරකම් වහගන්නේ මේ මන්තරේට මුවාවෙලා තමයි. රජය කරන වැරදි වලටත් අප විරුද්ධයි. ඒත් ඒ වැරදි වලට මුවා වෙලා පහුගිය වැරදි හොර මැරකම් වහනවටත් අප විරුද්ධයි. අද බමුණු මහතාත්, ආර් එන් ජී මහතාත් පෙළපාලියේ යාවි. එතුමන්ලාගේ අදහස් දැක්වීමේ අයිතියට අප ගරු කරනවා.
කොහොමද යහපාලන ඉවසීම ? වෙනසට සතුටුද? එදා වතුර ඉල්ලු අයට රතුපස්වල තිදෙනකු මැරීම ( ළමයි 2) මතකද? ඒ හිට්ලර් ගේ මොලේ. දැන් පළපුරුදු සිරිසේන රනිල් මෝඩ නැත.ඡන්දයෙන් දිනා ගැනීමට බැරි නිසා ලේ වැගිරීමක් මගින් ජනතාව කුපිත කර ඡන්ද ගැනීමට සමහර විට නාමල් විසින්ම ඔවුන්ගේ අයකු බෝම්බ ගසා මැරීමට ඉඩ තිබේ. වහල් මෝඩ රැල තමුන්ගේ ජිවිත ගැන පරිස්සම් වන්න. සොර මුල පස්සේ නොයන්න. කසිප්පු බෝතලයට වහල් නොවන්න.
මොන අවුරුද්දේද ඔබතුමා ඉපදුනේ ඔච්චර අවුල් වෙන්න එපා රතුපස්වල මරුනේ එකයි හැබැයි මගේ දෑස් පිට පිටකොටුවේ උද්ගෝෂණය කරපු සිය ගණනක් මැරුවේ මොන ආණ්ඩුව කාලේද දන්නවද ? මැයි දින තහනම් කරලා, පන්සල ඇතුලෙම ඔළුවට වෙඩි තියල ශිෂයෝ මැරුවේ මොන ආණ්ඩුව කාලේද දන්නවද ?
ජෙප්පොයි, රතුපස්වල අහිංසක මිනිස්සුයි සමාන කරන්න තරම් අවුල් වෙන්න එපා වික්‍රම.