(ශිරාන් රණසිංහ)
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන විරෝධතාවයට සහභාගීවීම සඳහා දිවයිනේ ජනතාව සතර දෙසින් කොළඹ කරා ඇදෙමින් සිටින බව ඒ ඒ ප්‍රදේශවලින් වාර්තා වේ.
මොවුන් කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමට දැනට සැලසුම් කර ඇතැයි ද ඇතිවන තත්ත්වය අනුව එකතුවන ස්ථානය වෙනස්වීමට හැකි බව ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කියා සිටියේය.
අද(05) කොළඹට රැස්වන ජනතාව හා ඔවුන්ගේ විරෝධතා පෙළපාලි නිසා ඊයේ(04) සවස දුර බැහැර ප්‍රදේශවල බොහෝ පිරිසක් පෞද්ගලික නිවාඩු දමා ගම්බිම් වලට ගොස් තිබිණි.
අද(05) ඇතැම් රාජ්‍ය හා පුද්ගලික කාර්යාලවලට පැමිණි සේවකයින්ගේ අඩුවක් ද පවතින බව ඒ ඒ ආයතනවල ප්‍රකාශකයෝ සඳහන් කළහ.
මේ වනවිට කාර්යාලවල බොහෝ අය වරු නිවාඩු දමා ගම්බිම් වලට යෑමට පටන්ගෙන ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ආරංචි විධියට අද ගොඩක් අය ගමේ යන්න හෝ විනෝද ගමන් යන්න මෙය අවස්තාවක් කරගෙන. දුප්පත් අහිංසක මිනිස්සුන්ව කළු සල්ලි රවට්ටන තරම් පෙනෙනවද?
හොරු එළවන්න හෝ හොරු ස්ට්රයික් කරන අරුම පුදුම රටක් මේක....
කුඩුකාරයෝ , කසිප්පුකාරයෝ , ගංජාකාරයෝ......සහ දේශපාලන පරාජිතයෝ ... පාරවල්වල .. පන්සල්වල .. රස්තියාදු වෙවී .. ආණ්ඩුව පෙරලන්න දැඟලුවට .. අපිටනම් මේ දවස පවුලේ සියලුදෙනා සමඟ පෞද්ගලික විනෝදයක් ලබගැනීමට හොඳ අවස්ථාවක් ..