(ආරියරත්න රණබාහු)
රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වන අයට මරණ දඬුවම නියම කිරීම නීති පොතට ඇතුළත් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (5) පැවති උත්සවයනදී පැවසීය.
තමාගේ පාලන කාලය අවසන් කිරීමට පෙර එම නීතිය ඇතුළත් කළහොත් එක්කෙනෙකුට දෙන්නෙකුට එම දඬුවම ක්‍රියාත්මක කරගත හැකි යැයි ද ජනපතිවරයා පැවසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (5) පෙරවරුවේ පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දෙවැනි සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කනතානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කීය.
මේ රටේ දූෂණය නාස්තිය ගැන කතා කරනවිට පවතින නීතිරීතිවල බොහෝ අඩුපාඩුකම් අප දකිනවා. ඒ අඩුපාඩුකම් නිසා වැරදිකරුවන්ට දඬුවම්දීම ප්‍රමාද වෙනවා. වැරදිකරුවන්ට දඬුවම් දීමේදී ලෝකයේ බොහෝ රටවල් චීනය, සිංගප්පූරුව වගේ රටවල් අවුරුදු ගණන් නඩු අසන්නේ නැහැ. සති දෙකයි තුනයි වැඩේ ඉවර කරනවා. මරණීය දණ්ඩනය තිබෙනවා.
ලංකාව මරණීය දණ්ඩනය තිබෙන වැරදි තමයි මනුෂ්‍ය ඝාතන, සමූහ ස්ත්‍රී දූෂණ, රාජ්‍ය ද්‍රෝහිකම, මත්කුඩු වෙළදාම. නමුත් මේවාට මරණීය දණ්ඩනය තිබුණාට එකක්වත් ක්‍රියාත්මක නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුකාරයින්ට මරණ දඬුවම දුන්නා වගේ මේ නීතියත් ක්‍රියාත්මක කරන්න
අප රටේ මුල් පුරවැසියාගේ මෙම අදහස් අවංක පුරවැසියන් හැටියට අප එක සිතින් අනුමත කරනවා. රාජ්‍ය දේපොළ යනු මගේ , ඔබේ , අපේ බැවින් කිනම් හෝ අයුරකින් හොරා කැවෙනම් ඒ කවුද අදාළ නැත.
නීතිය හොඳයි. හැබැයි ඔය නිතියෙනුත් වැඩිම වුනොත් අමාත්‍යංශ ලේකම් කෙනෙක් දෙන්නෙක් ගස් යයි. නමුත් ඔය දුෂණ වංචා හොරකම් ඔක්කොමගේ මුලම ඉන්න දේශපාලුවෙක් නම් කවදාවත් ගස් යවන්න බැරිවේවි මේ " ක්‍රමය" තියෙනකම්.
ගරු ජනාධිපතිතුමනි, අන්න එදාට තමයි ජනතාව විසින් ඔබතුමාව විසිඑක්වෙනි ශතවර්ෂයේ ශ්‍රී ලංකාව පාලනය කරන "රජතුමා" බවට පත්කරන්නේ ..! නොඅනුමානයි ..!
තවම අර මරණ දඩුවම නියම වුන කුඩුකාරයෝ එල්ලගන්න බැරුව ඉන්නේ. කොහොමද රජයේ දේපල සොරකම් කරන මිනිස්සුන්ට මරණ දඩුවම් දෙන්නේ ?
හරියට හරි. හැබයි වෙලාවට නඩු දාන්න ඕන. අපි තාමත් බලාගෙන ඉන්නවා හොරු අල්ලනකම්.
මරණීය දණ්ඩනය නවත්වන් ඉන්නේ අපිද? මරණීය දණ්ඩනයට අත්සන් කරන කෙනාට කියන්නකෝ ඕක අත්සන් කරන්න කියලා.
මේ පවතින නීති ඕනෑතරම් ඇති. .
කයිවාරුව විතරයි එල්ලපු කෙනෙක් නැහැ.
දඩුවම් තිබුණට වැඩක්ද මේවා ක්‍රියාත්මක කරනවා පෙන්නේ නෑනේ කොයිතරම් රජයේ දේපල හොරකම් කරපු මැති ඇමතිවරු ඉන්නවද එක්කෙනෙකුටවත් දඩුවමක් ලේබුණද? මේවා විහිලු
හොද වෙලාවට අරකට කියන්නෙ බැදුම්කර වංචාව කියලා.. ඒවා රජයේ නෙමෙයිනේ.. බැදුම්කර කියලා මිනිහෙක්ගෙනේ.. හොර ගෙඩිය අපිට කිව්වෙත් නෑ...
පහුගිය ආණ්ඩුවෙ රාජපක්ෂ සහ පිරිවර රාජ්‍ය දේපළ හා මුදල් අපයෝජනය කළා වෙන්න පුළුවන්. ඒත් පළමුවෙන් දැනට මිනීමැරුම් හා මත්කුඩු ජාවාරම්වලට අධිකරණයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින වැරදිකරුවන්ට දඬුවම පළමුව ක්‍රියාත්මක කළා නම් නේද හොඳ? එය ඔබතුමාගෙ පාලන කාලය අවසන් වීමට ප්‍රථම ක්‍රියාත්මක වුවොත් රටේ අපරාධ රැල්ල අඩුවෙයි. ජාත්‍යන්තරය සතුටු කිරීමට වඩා රටේ අපරාධ අවම කර ගැනීමයි වැදගත්.
ඉතිං ඒක කරන්න ඕනේ ඔහේලනේ. අපි ද ? කරන්නකෝ අපිට කිය කිය ඉන්නේ නැතිව.