අනීෂා මානගේ
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාල සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට සාගර විශ්ව විද්‍යාලයේ තංගල්ල ආයතනයේ සේවකයින් ද සහය දක්වමින් රාජකාරී කටයුතු වලින් ඉවත්වී තිබේ.
මෙම වැඩ වර්ජනය ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති සංසදය විසින් සංවිධානය කර ඇත.
තංගල්ල ආයතනයේ සේවයකින් 41 දෙනෙකු වැඩවර්ජනයට සහය පළ කර රාජකාරී කටයුතු වලින් ඉවත්වී ඇත.
සාගර විශ්ව විද්‍යාලයේ තංගල්ල ආයතනයේ සිසු සිසුවියන් දෙසීයක පමණ පිරිසක් අධ්‍යයන කටයුතුවල නිරත වන අතර වැඩවර්ජනය හේතුවෙන් ආයතනයේ ක්‍රියාත්මක උපාධි පාඨමාලා හා ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවල අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.
වත්මන් පරිපාලකයින්ගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් සිසුන් හා කාර්යය මණ්ඩලය අතර ගැටුම් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම, පරිපාලනය සඳහා අත්දැකීම් හා හැකියාවන් සහිත පුද්ගලයින් පත්නොකිරීම, වසර ගණනාවක සිට අතපසු කරන ලද ශ්‍රේණිගත කිරීම්, අදාළ වසර සම්පූර්ණ කරන ලද සේවකයින් හට ස්ථීර පත්වීම් ලබා නොදීම හා අභ්‍යන්තර උසස්වීම් ලබා නොදීම, රාජ්‍ය මුදල් අවභාවිතය, අනධ්‍යන කාර්යය මණ්ඩලයට හිමිවිය යුතු සියයට දහයක හිලව් දීමනාව ලබා නොදීම ඇතුළු කරුණු අටක් මුල් කරගනිමින් සේවයකින් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන බලයට එකතු වෙන්න..
8 පාස් නැති අයට විශ්ව විද්‍යාල කතිකාචාර්ය තනතුරු දෙන්න බෑනෙ. ඒක ළදරුවෙක්ට උනත් තේරෙන්න ඕනෙ. ඡන්දෙට පෝස්ටර් ගහපු අයට සුදුසුකම් බලන්නෙත් නැතුව රජයේ විශ්ව විද්‍යාලයක අනධ්‍යන කාර්ය්මන්ඩලයේ තනතුරු දුන්නම ඒ අය ඒ අයගේ පැවැත්ම තියාගන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ ඉගෙනීම කඩාකප්පල් කරනව නම්, ඒ පුද්ගලයින් ඉවත් කරන්න උපකුලපතිතුමා ගත්ත තීරණය 200%ක් නිවැරදියි. අනික මේ අයව ඉවත්කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කරලයි තියෙන්නේ. එහෙම වෙලා තියෙද්දි විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කඩාකප්පල් කරන එක නීති විරෝධියි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඉන්නෙ කාගෙ පැත්තෙද කියල හොයලා බැලුවනම් ලේසියෙන් හොයාගන්න පුලුවන් හොරු කව්ද කියලා.
ලෙක්චර්ස්ලාට තර්ජනය කිරීම, විදුලිය විසන්ධි කර දේශනා කඩාකප්පල් කිරීම, සිසුන්ට තර්ජනය කිරීම, වැඩවර්ජනය අතරතුර අත්සන් කිරීම .... මේවා හරිද කියලත් ලංකාදීපය හොයලා බැලුවනම් හරි...
දිනෙන් දින අරගලයක් බවට වර්ධනය වෙමින් පවතින සිසු ගැටලු දෙස විද්වත් ඇසින් බලා සාගර විශ්වවිද්‍යාලයේ හා එහි අධ්‍යාපනය ලබන සිසුන්ගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීමට කාලයයි මේ. වසර ගාණක සිට සාගර විශ්ව විද්‍යාලයෙහි අඩුලුහුඬුකම්වලින් තැලී පොඩිවී අරගලයක් බවට පත්වෙමින් පවතින සිසු, ගැටලුවලට විසඳුම් ලැබී සුවහසක් සිහිනය යථාර්ථයක් බවට පත් කරගැනීමේ වාසනාවන්ත කාලය එළඹ ඇති බව අප විශ්වාස කරමු. මෙවන් සුදුසුකම් නොමැති කාර්ය මණ්ඩලයක් අවශෝෂණයවීම සිසුන් ලෙස අප කිසි විටකත් අනුමත නොකරන බව කාරුණිකව ප්‍රකාශ කොට සිටිමු. මෙම ගැටළු සඳහා නිසි විසඳුම ලෙස අප දකිනුයේ පනත ප්‍රකාරව හඳුන්වා දී ඇති නිෆමැට් ආයතනය සඳහා මෙම සුදුසුකම් නොමැති සේවකයින් ඉවත් කර සිසුන් හට දීප්තිමත් අනාගතයක් උදාකරදීමයි. අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන් නිසි සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක් යටතේ අනාගතය බාරගැනීමට සිටින දෙනෝදාහක් සිසුන්ට අධ්‍යාපනය ලැබීමට ඉඩ දී දැනට පැවැත්වන උපාධි පාඨමාලා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමටත් ගරු ඇමතිතුමාගේ හා බලධාරීන්ගේ අවධානය තවදුරටත් යොමු වී සාධණීය පිළිතුරක් මෙම ගැටළුවට ලබාදෙනතුරු පුටින් අවධානයෙන්...
තම තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න ඕනෙ වැඩක් කරන මිනිස්සු කොහෙත් ඉන්නවා. ඔය උද්ඝෝෂණ කරන මිනිස්සුත් ඒ පැලැන්තියේ නියෝජනයක්... ශිෂ්‍යයින්ට නිදහසේ දේශන සඳහා සහභාගි වෙන්න නෑ.. මේ අය එකතුවෙලා විදුලි බලය කප්පාදු කරනවා. වතුර ටිකක් බොන්න නැහැ. ටැප් ලයින් බ්ලොක් කරනවා. ඒ තරම් අමනුස්ස ජාතියක්... ශිෂ්‍යත්ව තමයි පලිහ කරගෙන ඉන්නේ. ඒ අයගේ ඉල්ලීම් ගැන බලන්න කලින් අධ්‍යාපන සුදුසුකම් ගැන හොයලා බලන්න... වැඩි විස්තර ඕන නම් සාගර විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින් හමුවෙන්න..
2014 අංක 31 දරණ පනතප්‍රකාරව ස්ථාපිත වුනු ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මේ වනවිට තම ප්‍රමිතිකරණ ක්‍රියාවලියේ මුදුන්පත් සන්ධිස්ථානයක් කරා එළඹෙමින් සිටිනුයේ පරිපාලන ඒකකයේ කැපවීම මගින් නොව සිසුන්ගේ අප්රහිත නොපසුබස්නා උත්සහයේ ප්‍රතිඵලයක් වන නිසා බව ඉඳුරාම ප්‍රකාශ කල යුතුය.වැඩවර්ජනයේ නියැලෙන සුදුසුකම් රහිත සේවක පිරිස දශක දෙකකට ආසන්න කාලයක් එකී යාණ්ත්රනය තුළ තම සේවා වගකීම් හරියාකරව සිදු කළා නම් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය අද මෙරට පවතින දිව්‍යලෝකය වනු ඇත.තමන්ගේ ඕනෑ එපාකම් විනා සිසුන් පළිහක් කරගනිමින් විදුලිය විසන්ධි කිරීම් වැනි අත්‍යාවශ්‍ය සේවා පවා අඩාල කරමින් ගෙනයන ශිෂ්ටසම්පන්න නොවන වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වීමෙන් මුණවට පැහැදිලි වනුයේ නූගත් කම විනා උගත් බුද්ධිමත් සේවක සංගමයක හැදියාව නොවන බවයි.තවදයත් තම සේවක ඉල්ලීම් උදෙසා වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමේදී සපුරාලිය යුතු ක්‍රමසම්පාදන පවා නොදන්නා මෙවැනි සේවක සංගම් සේවා පැමිණීමේ සටහන් පොතේ තම අත්සනද යොදා වැඩවර්ජනයක නිරත වීම කෙතරම් ජරාජීර්ණ වූ සාධාරණීය කිරිමක්ද? සාගර විශ්වවිද්‍යාලය තම මව් මෙන් රැකගනිමු.
පෙර පැවැති ධීවර හා නාවික ඉංජිනේරු ආයතන විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් සාගර විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපනය වෙන්නේ 2014 වසරේ. ඒ වෙනකොට දේශපාලන පත්වීම් මත පත්වුණු අනධ්‍යයන කාර්යමණ්ඩලයේ බහුතරයක් නියමිත සුදුසුකම් නොමැතිව ආයතනය තුල සිටියා. ඇතැමෙක්ට දවස පුරාවට කරන්න කිසිම වැඩක් තිබ්බෙත් නැති තරම්. තංගල්ල මණ්ඩපය සැලකුවාම ශිෂ්‍යයින්ට පවා අන්තර් ජාල පහසුකම් ඉතා සීමාකාරී වූ අවස්ථාවක මේ පිරිස තම කාර්යාල තුළ දවසේ වැඩි වෙලාවක් කලේ අන්තර්ජාලය ඔස්සේ ටෙලි නාට්‍ය නැරඹීම... එහෙමත් නැත්නම් ගොසිප් සයිට් වල සැරිසැරීම. නමුත් දැන් මේ පුද්ගලයන් සුදුසුකම් මත විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. එතනදී ඇතැමෙක්ට සුදුසුකම් සපුරාලීමට නොහැකිවීම තමයි මේ ගැටලුවේ මුල. ඒ වගේම පෙර සිට තම සුදුසුකම්වලට වඩා ඉහළ තනතුරු වල සිටිමින් විවධ දූෂිත ක්‍රියා සිදුකළ, තම පඩි පතටත් ණය කිහිප දෙනෙකුගේ පෞද්ගලික න්‍යාය පත්රයන්ට අනුව තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ...
කොහොම වෙතත් අසාධාරණ ලෙස උපකුලපති වරයාට විරුද්ධ ක්‍රියාමාර්ගයක් හැටියට වැඩවර්ජනය දීර්ග කිරීමත් සමග බහුතර පිරිසක් සිකුරාදා සිට වර්ජනයෙන් ඉවත් වී සිටින්නේ. ශිෂ්‍යන්ගේ ජීවිත බිල්ලට තබමින් කරන මෙම අසාධාරණ වර්ජනය හමුවේ මොවුනට අදාලව ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපති තුමාගේ හා අගමැති තුමාගේ අවධානය යොමුවිය යුතුව තිබේ. වැඩක් නොකර නිකන් හිඳ පඩි රැගෙන ගෙදර ගිය ඇතැමුන්ට වර්ජනය කරන්නට වැඩක් තිබේදැයි සිතීමත් විහිළුවකි. විශ්වවිද්‍යාලයක් පවතින්නේ අධ්‍යයන ක්‍රියාවලියේ තිරසාර බව මත බව නොදන්නා මුග්ධයන් අධ්‍යන ක්‍රියාවලිය අඩපන කර තම වෘත්තීය අනාගතය ස්ථිර කර ගැනීමට වෙර දැරීමම ඔවුන්ගේ නුසුදුසු බව ප්‍රකට කරවයි