විනීතා එම් ගමගේ
වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයකට පරිච්ජේදයක් සැපයීමට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාට අවස්ථාව ලැබී ඇත.
කෘෂිකාර්මික ජන ප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව ඔහු ඔක්ස්ෆර්ඩ් පාඨ ග්රන්ථයට සැපයූ පරිච්ජේදය එම ග්‍රන්ථයේ හතරවැනි සංස්කරණයේ නව මුද්‍රණයේ 366 වැනි පරිච්ජේදය ලෙස මේ වනවිට ප්‍රකාශයට පත් ව ඇත.
මේ අනුව ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයකට පළමු ශ්‍රී ලාංකිකයා ලෙස මහාචාර්ය ජයසුමන ඉතිහාස ගත වනු ඇත.
එම පරිච්ජේදයේ පළමු කතෘ මහාචාර්ය ජයසුමන වන අතර එල් සැල්වදෝර ජාතික මහාචාර්ය කාලෝස් ඔරන්ටේස් සහ බෙල්ජියානු ජාතික මහාචාර්ය මාර්ක් ඩි බ්‍රෝ දෙවන සහ තෙවැනි කතුවරු ලෙස ක්‍රියා කරති.
ඔක්ස්ෆර්ඞ් පාඨ ග්රන්ථ බටහිර වෛද්‍ය විද්‍යාවේ අධිකාරී බව උසුලන ප්රමුඛ පාඨ ග්රන්ථ ලෙස ලොව පුරා ප්‍රචලිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් !!! මේවා දැක්කම අපේ මිනිසුන්ගේ මොලගෙඩි වල තරම හිතාගන්න පුළුවන්, එක කමෙන්ට් වත් නැති කමෙන් එක තේරෙනවා , රට වලපල්ලට යන දේශපාලකයන්ගේ වැඩවලට කමෙන්ට් දාන්න නම් ඕනෙතරම් ඉන්නවා.
ඔබතුමාට අපගේ උණුසුම් සුබ පැතුම් !! අපගේ රට වෙනුවෙන් හොඳින් සේවය කිරීමට ඔබතුමාට සෑම ශක්තියක්ම ලැබේවා!!!
නියමයි! තව වැඩ කටයුතු සාර්ථක වේවා!!!
සුබ පැතුම් !! මෙය ශ්‍රි ලංකා වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක්. රටේ සංවර්ධනයට බුද්ධිමතුන්ගේ දායකත්වය වඩවඩාත් අවශ්‍යයි.
බොහොම ආඩම්බරයි අපට... ඔබට හදවතින්ම සුබ පතනවා!
රජරට උග්‍ර ප්රශ්නයව පවතින වකුගඩු රෝගය පිළිබඳව ඔබ තුමා දරන මතය සමග මුළු රටම ඉන්නවා. නමුත් තවමත් වල්නාශක, ග්ලයිෆොසෙට් සහ කෘතීම පොහොර පිළිබඳව රජය පැත්තෙන් පැහැදිලි ප්‍රතිචාරයක් ලැබී නොමැතිවීම ප්‍රශ්නයක්. කෙසේවෙතත් ඔබතුමාට මගේ සුභ පැතුම්.
අර දෙමල ඩයස්පෝරාව සමග වාද කරන කාලයේ නම් මේ ප්‍රවෘත්තිය මට හරි වටිනවා...
ඔබතුමා අප රටට ගෙනදුන් කීර්තියට ජාතියේ ප්‍රණාමය.ඒත් බුද්ධියට වඩා දේශපාලනයට ගරුකරන අපේ බොහෝ ඇත්තෝ ඔබතුමා වැනි මොලවල අගය කෙසේ දනිත්ද ?
ඔබතුමාට තව තවත් මෙවැනි ජයග්‍රහණ ලැබේවා ! අපගේ ප්‍රණාමය.