( මනෝප්රිය ගුණසේකර )
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විභාග වන ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන නඩුව යළි කැඳවන ඔක්තෝබර් 9 වැනිදා නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ගොනු කිරීමට නියමිතය.
අද පැවැති නඩු විභාගයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හොරොන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් කර ගත්තද දන්නේ නැහැ. රාජපක්ෂලගේ සොහොන් කොත් රජයේ වියදමින් ඉදිකළ යුතු බවට, නැත්නම් මොනවා කියලද මෙයා විරෝධතා ගොනුකරන්නේ...?
මේ නඩුව අහනවා කිව්වේ අර අලුතෙන් පිහිටවපු වහන්නේ නැති විශේෂ අධිකරණයක කියලා නේද කිව්වේ... එහෙම නම් කොහොමද මේ නඩු කල් යන්නේ? නඩු අහන්න එපා කියලා විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ? මේ මහත්තයාගේ නඩුවලදී මොකක් හරි ජංජාලයක් ක්‍රියාත්මකයි කියලා හිතෙන්නේ මට විතරද?
මොකද ඔච්චර බය? තමන් නිවැරදි නම් උසාවියේදී ඔප්පු කරන්න පුළුවන්නේ..., මට මතක හැටියට ඔහේ ඔට්ටු ඇල්ලුවා නේද? පුළුවන් නම් ඔය උසාවියේ මගේ නඩුව අහන්න කියලා...
නඩු කල් දමා ගැනීමට මොකක් හරි උප්පරවැට්ටියක් දාන බව නම් ඉතා පැහැදිලියි. රන්ජන් කියපු කතා නිකම්ම මතකයට එනවා. ඔයින් පස්සේ තව එකක්. ඊට පස්සේ තව එකක්. එයින් පසු නොයෙක් මැතිවරණ. නායකයින්ගෙයි අපේක්ෂකයින්ගෙයි වේදිකා දෙදරවන තර්ජනාත්මක කතා. ඊටත් පස්සේ ?
දිගටම නඩු අහනවා කියලා...... මොන මගුලකටද කල් දැම්මේ? මේ රටේ ජනතාවද තම්බන්න හදන්නේ?
මට මතක නෑ කියලා ගොනුකරයිද දන්නේ නැහැ..