බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (09) ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යවා තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඥානසාරහිමි වසර 06 සිර දඬුවම් නියම කර ඇති අතර පවතින අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ සිට විටින් විට ජයවර්ධනපුර රෝහල වෙත ප්‍රතිකාර සඳහා මාරුකර යැවීය.
පසුගිය සතියේද ජයවර්ධනපුර රෝහලට මාරුකර යවනු ලැබු ඥානාසාර හිමියෝ අද(09) යළි බන්ධනාගාර රෝහලවෙත මාරුකර යවාතිබේ.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බොරු කරන්නේ... වෙනම වෛද්‍ය කණ්ඩායමක් යවලා පරීක්ෂා කරලා හිර කුඩුවට දාන්න හුරතල් කරන්නෙ නැතුව...
අපේ හාමුදුරුවනේ, ඔන්න පෞරාණික වටිනාකමක් තිබෙන ස්ථානවල දෙමල්ලු කෝවිල් හදනවලු. අපිට ඔබ නැති පාඩුව හොඳට දැනෙනවා. සැක හිතන්න එපා හාමුදුරුවනේ, ඔබ වහන්සේට ඉක්මනට සුවය ලැබී ශාසනය වෙනුවෙන් මෙහෙවර කරන්න ඉඩ ලැබෙනවා. අපි දහස්ගණනින් ඔබ වහන්සේ සමග එනවා සුජාතිකයින්ගෙන් විශේෂයෙන් බුද්ධාගම බේරාගන්න. පළමුව කල යුතුවන්නේ බුද්ධාගම වැළඳගෙන ඉන්නා දේශපාලකයන් පන්නා දැමීමයි.
අපේ හාමුදුරුවනේ, පළමුව කළයුතු වන්නේ බුද්ධාගම වැළඳගෙන ඉන්නා දේශපාලකයන් පන්නා දැමීමයි. ඔවුන්ගේ පවුල්වල අය තවමත් අන්‍ය ආගමිකයින්ය.