(රොමේෂ් මධුෂංඛ)
ඉපැරණි බෞද්ධ වෙහෙර නටඹුන් පවතින වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය පැරණි ශිලා ලිපි, පැරණි බෞද්ධ වෙහෙරක නටබුන්, පැරණි බෞද්ධ විහාරයක ලක්ෂණ පවතින හෙයින් එම ස්ථානයේ කෝවිලක් ඉදි කිරීමට ඉඩ නොදිය හැකි බව පුරා විද්‍යා නිලධාරීන් සඳහන් කළේය.
නෙඩුන්කේනි වෙඩුක්කුනාරි ගල් තලාව පුරාවිද්‍යා භූමියක් බැවින් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු සහගත තත්වය නිරීක්ෂණය කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසට පුරාවිද්‍යා නිලධාරීන් මේ බව දැනුම් දුන්නේය.
නමුත් ප්‍රදේශවාසී දමිල ජනාතව කියා සිටියේ අදාළ ගල් තලාව පැවති ස්ථානය තුළ අතීතයේ පටන් ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් පැවති බැවින් අදාළ ස්ථානයේ ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් ඉදිකිරීමට අවසර ලබා දිය යුතු බවයි.
අදාළ කාරණය හේතුවෙන් වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් ගැටළුවක් හටගෙන ඇති අතර, එම භූමිය තුළ කෝවිලක් ඉදිකිරීමට අවසර ඉල්ලා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා නෙඩුන්කේනි ප්‍රදේශයේ විරෝධතාවයක් ද පැවත්වූහ.
ගැටලු සහගත ස්ථානය නිරීක්ෂණය වෙනුවෙන් වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා, ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී ජි.ටි.ලිංගනාදන් මහතා ඇතුළු පිරිසක් එක්වුහ.
එහිදී පුරාවිද්‍යා ස්ථානය නිරීක්ෂණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පැවසූවේ දෙමළ ජනතාවගේ පාරම්පරික භූමිය තුළ දෙමළ ජනතාවට කෝවිලක් ඉදිකිරීමට අවසරය ලබා නොදීම තමන් තරයේ හෙළා දකින අතර, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආගමික ස්ථාන ඉදිකිරීම වෙනුවෙන් කුලල් ක ගැනීම නතර කිරීමට කල හැකි එක දෙයක් ඇත. දැනට ශ්‍රිලංකාවේ ඕනෑම ආගමකට අයත් සද්ධාවන්තයින්ට බිම පෙරලි පෙරලි වැඳීමට ඇති තරම් දේවාල, කෝවිල්, පන්සල් ,පල්ලි රට පුරා ඇත. අපේ රටේ තරම් පූජනීය ස්ථාන ඇති රටක් ලොවේ කොහෙවත් නැති තරම්ය. මේ රට කන දේශපාලුවන් ආගමික ස්ථාන ඉදි කිරීමට වැය කරන මුදල නිවාස ඉදි කිරීමට යෙදවූවානම් මේ වන විටත් ඔවුන් නිවන් දැක හමාරය. නමුත් මෙම ආගමික ස්ථාන ඉදිකරන මුවාවෙන් කරන මිනිසුන් කුලල් කා ගැනීමට සැලැස්වීම මේ කුහක දේශපාලුවන්ට නරකාදියේ දොර ඇරගනීමකි. ඔවුන් අප අැස් ඉදිරියේම මෙම පව් ගෙවනවා දැකිය හැකිවේ.
මෙතනත් සිවාජිලිංගම්.
පුරා විද්‍යා ස්ථානයක කෝවිලක් තියා පන්සලක් වත් ඉදිකරන්න බැහැ කියන එක මේ මනුස්සයා දන්නේ නැද්ද අනික දෙමල පාරම්පරික නිජබිමක් නම් ඔතන බව්ද්ද පන්සල් වල නටබුන් තියෙන්නේ කොහොමද - සමහර දෙමල ජාතිවාදීන් නිසා අපේ රට ඉදිරියේ විශාල අනතුරකට පත්වෙනවා.
දෙවියන්ට උනත් ... නීතිය ක්‍රියාත්මක වීම ගැන , අපි සන්තෝස වෙනවා .
ඕක දැම්ම නැවැත්තුවේ නැත්නම් සීගිරියේත් කෝවිලක් හදලයි නවතින්නේ මේ මිනිස්සු...
දෙමල නිජබිම් කියා දෙයක් නැත. ඔවුන්ගේ නිජබිම තමිල් නාඩුව... එහෙ ඕනේතරම් කෝවිල් හදාගන්න.
මේ මිනිස්සු ආයෙත් ජාතිවාදයක් අවුස්සා ගන්න පොටක් පාද ගන්න තමා මේ හදන්නේ.
මෙතන පොඩි අවුලක් තිබෙනවා. පන්සල් තිබෙන තැන කෝවිල් හදන්න බැරි නම් ඔය බොහෝ පන්සල් වල දේවාල හදාගෙන ඉන්නේ කොහොමද?
ඡන්ද ගන්න කරන ඒවායින් බැට කන්නේ අහිංසකයින් !