(දයාරත්න ඇඹෝගම)
මෙරට වාරි සිහිනය සැබෑවක් කරමින් ඉදිවන තෙවැනි විශාලතම ජලාශය වන යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ යාන් ඔය ජලාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කරමින්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා එහිදී මෙසේ ද පැවසීය.
යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ප්‍රධාන වේල්ලේ වැඩ අවසන් වෙමින් යනවා.මේ මාසය අවසන් වන විට වේල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම යාන් ඔයේ අලුතින් ගම්මාන 4 ක් නිර්මාණය වෙනවා.ඒ සියලු ගම්මාන පහසුකම් සහිත ගම්මාන ලෙස ජනතාවට භාර කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම ගම්මානයට අවශ්‍යය කරන පාසලක්, පෙර පාසලක්, ප්‍රජා ශාලාවක්, ග්‍රාම නිලධාරී ඇතුළු නිළධාරීන් වෙනුවෙන් කාර්යාල, අංග සම්පූර්ණ මාර්ග පද්ධතියක්, සෑම නිවසකටම ජලය ලබාගත හැකි ලෙස ජල ටැංකියක්, ලිං කීපයක්, විදුලිය ඇතුළු අංග සම්පූර්ණ ගම්මානයක තමයි අලුතින් පදිංචි කරන සියලු දෙනා පදිංචි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මේ වන විට ඉඩම් පවරා ගැනීමේ මූලික කටයුතු සිදු කරලා තියෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුව ඒවා තක්සේරු කිරීම සිදු කරනවා. තක්සේරු කිරීම් අවසන් වූ වහාම වන්දි මුදල් ලබා දීම සිදු කරනවා යැයි පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සමස්ථ ජනතාවගෙන් සීයයට දහයකටත් අඩු ප්‍රතිශතයකට ප්රතිලාභ අත්වන හා රටේ සමස්ථ ජනතාව මතම ණය බර පැටවෙන අධිවේගි මාර්ග වලට හෝ ගූවන් යානා ගොඩ නොබස්වන ගුවන් තොටුපොළ නැව් නොඑන වරායවල් ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රිඩාංගණ හෝ දෙමාපියණ් වෙනුවෙන් ස්මාරක ඉදි කරනවාට වැඩිය ජාතියටම බත සැපයිය හෑකි රට ස්වයංපෝෂිත කල හැකි හා රටේ බහුතරයේ රැකී රක්ෂා ප්‍රශ්ණය විසදීමට ඉවහල් වන ස්වාධින රටක් හා නිවහල් ජාතියක් නිර්මාණය කිරිමට අවශය වීර්යය ධෛර්ය සපයන මෙවැනි සංවර්ධන වයාපෘති රටට ආශිර්වාදයක් වගේම වාසනාවක් වනු ඇත.
දැන් දැන් තමයි මේ ආණ්ඩුවේ වැඩ ජනතාව අතරට යන්නේ .
ඇමතිතුමා, මේකත් අර මොරගහකන්ද වගේ සිව් වතාවක් විවෘත කරනවද?
රුවන්, දැන් තමයි මේ ආණ්ඩුවේ වැඩ ජනතාව අතරට යන්නේ... ඒ අතරින් ගිහිල්ලා දැන් හිරිවැටිලා තියෙන්නේ... හිරිය තියෙද්දී තව ටිකක් අතරින් යවන්න... එතකොට රිදෙන්නේ නැහැ නේද රුවන්...!!!
හොඳ දෙයක්... මෙය කඩිනමින් නිම කිරීමට සැමටම ශක්තිය ලැබේවා..!!!