( වසන්ත චන්ද්රපාල)
අම්පාර බක්කිඇල්ල පොලිස් බල ප්රදේශයේ බක්කිඇල්ල ගම්මානයේ අනාරක්ෂිත වළකට වැටි වයස අවුරුදු 07 ක දරුවකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මනුහස් සංකල්ප ඒකනායක නැමැති දරුවෙකි.
වාරිමාර්ග දෙපාර්මේන්තුව ජලය ගෙනයෑම සදහා ඉදිකරන හාරන ලද වළකට මෙම දරුවා වැටි අනතුර සිදුව ඇත.
දින පහකට පමණ පෙර මෙම වල කපා ඇති ඇතත් එය වටේට ආරක්ෂිත පුවරුවක් හෝ වැටක් ඉදිකර නොතිබුණු නිසා මෙම අනතුර සිදුව ඇති බව ගම්වැසියෝ කියති.
මෙම අනතුර පිළබදව බක්කිඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපරාදේ රත්තරන් දරු පැටියෙක් නිරපරාදේ දෙමුපියන්ට අහිමි උනා.