(ජයන්ත සමරකෝන්)
අල්ලස් චෝදනාවකට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ වනවිට එම සැකකරුවන් දෙදෙනා රෝහලේ අංක 3 සුපිරි වාට්ටුවේ රඳවා සිටින බවද පැවසේ. මීට පෙර කීප වතාවක්ම සැකකරුවන් දෙදෙනා රෝහල්ගත වීමට උත්සාහ ගෙන තිබුණද එය ව්‍යර්ථ වී ඇතත් මෙවර අදිසි හස්තයකින් ඊට අවශ්‍ය උපදෙස් ලැබී ඇතැයිද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවයේ හිණිපෙත්තටම ගොස් එහි ගරුත්වය විනාශකල මොවුන් දෙදෙනාට අල්ලස් නඩුව අවසානයේ අවුරුදු 20 කට නොඅඩු හිර දඩුවම් ලැබෙන නිසා දැනට බන්ධනාගාරයේ පහසුකම් ලබාදීමේ අවුලක් නැත.
හිරගෙදරදී පමණක් සමහර හොරුන්ට ‘ රෝග්යා පරමා ලාභා ‘
මං හිතන් උන්නේ ඒ උත්තමයෝ හෝටලෙන් කෙලින්ම රෝහලට යන්න ඇති කියලා.
බන්ධනාගාර දොස්තරලාට හරි හරියට වැඩ ඇති. ලොකු හොරුන් හැමෝම ලෙඩ වෙනවනේ. අනේ මේවට වියදම් වෙන්නේ කාගේ සල්ලිද හැබෑට? නොදන්නා නිසා මම අහන්නේ.
කාපුවා දිරෝගන්න බැරුව වෙන්න ඇති.
දැන් සිටින බොහෝ රජයේ ලේකම් වරු ඇතුළු ටනතුරු දරන උන් නිදහස් අද්යාපනය නිසා ටනතුරු ලබාගත් හිවල්ලු . මුන් කූදල්ලෝ වගේ පහත තෙන්වලින් ආපු එඋන් . ලොකු තනතුරු ලබුනගමන් මුන් දෙසපලුවන්ට ලනු දීගෙන උනුත් කරන්නේ රටට කෙළවන වැඩ කිරීමි.
මොකක්ද මේ අදිසි හස්තය? තව ටිකක් පැහැදිලි කළා නම් ... ලංකාව තරම් හොරු ආරක්ෂා කරන තැනක් ලොවෙත් නැහැ...