තරිඳු ජයවර්ධන
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදේ විදේශ ගතවී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම සම්බන්ධයෙන් ඔහු අද රහස් පොලිසියට කැඳවා තිබිණි.
අද ඔහු රහස් පොලිසියට පැමිණියේ නම් අත්අඩංගුවට ගැනීමට සිටි බව එහි ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයේ පැනලා ගිහින් වගේ... පස්සේ ඇවිත් ඉස්පිරිතාලෙ යයි
වැඩිය හොදයි ආපසු ලංකාවට ආවොත් කටුණායකදීම අත් අඩංගුවට ගන්න හැකි වේවි. එහෙම නෑත්නම් සදාකාලිකවම රටෙන් පිටුවහල් වෙලා ඉන්න වේවි.
හොඳ සූත්තරයක් දාල රටෙන් පැන ගිහින් වගෙයි ! ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකුට මෙහෙම රට යන්න පුලුවන්ද, සිය වග කිව යුත්තන්ගේ අවසරයක් නැතුව ? රට ගියේ මොකද ? ආයෙමත් මෙයා ගෙන්න ගන්න ලෝකේ පුරාම රතු නිවේදන යවන්න වේවිද ?
ඒකෙන්ම පේනවානෙ මෙයාලා වැරදිවලට සම්බන්ධ බව.
උසාවියක විභාග වන නඩුවක චුදිතයෙකු, වරදකරුවෙකු ලෙස සැලකීමට අප ඉක්මන් නොවිය යුතුයි. නමුත් චෝදනා වලට මුහුණ නොදී මෙහෙම මාරු වෙන්නේ තමන් කල වැරදි වලින් ගැලවීමක් නොලැබෙන බව තේරුම් ගිය නිසා බව කාටත් තේරෙනවා .
මේවගේ අයටද රටේ වගකිවයුතු තනතුරු බාර දෙන්නේ? මේ ගමන ඉතා සැලසුම් සහගත වෙන්න පුළුවන්. ඉහලින් නොදන්වා මෙහම යන්න පුලුවන්ද? මෙහම තමයි අර්ජුන් මහේන්ද්‍රනුත් රටින් පලා ගියේ. දුර්වල පාලනයේ ප්‍රතිපල තමයි මේ ගමන.
මේ ක්‍රියාවෙන් මිනීමරුවන් කෙලින්ම ඔප්පු වෙනවා .. මේවාට අණදුන් ප්‍රධානියා නීතියට වෙට්ටු දමමින් රටේ මහපුටුවට කුරුමාණන් අල්ලනවා .
මේකත් හරියට අර ආණ්ඩුවේ කන්තෝරුවල හොර අල්ලන්න තියෙන කඩා පනින හමුදාවල් එන්න කලින් දවසේ යන තැනට කඩා පැනලා "අපි හෙට එනවා" කියලා කියනවා වගේ වැඩක්... මෙතුමා අත්අඩංගුවට ගන්නවා කියලා සුමාන ගණනක් තිස්සේ ප්‍රසිද්ධ කළාට පස්සේ කවුද ඉතින් බකන් නිලාගෙන ඉන්නේ?
රජයේ සේවකයෙකුට ඔහොම හිටි ගමන් රට යන්න පුළුවන්ද? අවසර නැතුව, මට හිතන්නේ මිනිහට බඩ යනවා ඇති බයවෙච්ච තරමට...
අත්අඩංගුවට ගන්න එනවා කියල ප්‍රසිද්ධ කරලා දැම්මට පස්සේ ඔහු ගෙදරට වෙලා නිකන් ඉඳීද ? කරුණාකර පොලිසිය මීට වැඩිය රහසිගතව කටයුතු කරන්න පුරුදු වෙන්න.