මුදිතා දයානන්ද
බස්නාහිර පළාත් සභාවේ නව සභාගර්භයට ඇණවුම් කර තිබෙන රුපියල් 644,000 සේ පුටු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදි අක්‍රමිකතාවයක් සිදුව ඇති බැවින් එම පුටු ගෙන්විම සම්පුර්ණයෙන්ම නැවැත්වීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ආරංචිමාර්ග වලින් පැවසේ.
ඇණවුම අත්හිටුවීමෙන් යම් පාඩුවක් සිදුවන්නේ නම් එම පාඩුව එයට සම්බන්ධ වූවන්ගෙන් අය කිරිමටද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමුවි තිබේ.
බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ දෝෂ ඇතැයිද ඒ දෝෂ නිවැරදි කරගැනීම සඳහා ඊට අදාල පාර්ශ්වයන් ගෙන්වා වැඩිදුරටත් ප්‍රශ්න කිරිමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුකාර හේමකුමාර මහතා කමිටු වාර්තාව ගැන අදහස් දක්වමින් මාධ්‍ය වෙත පවසා තිබිණ.
ඒ අනුව කළ වැඩිදුර සොයා බැලිමේදි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දෝෂයක් ඇත්දැයි සොයා බැලීමට අද (11) දවස පුරා අංශ කීපයකට සම්බන්ධ නිලධාරින් හා මහජන නියෝජිතයන් ගෙන්වා සාකච්ඡා කිරිමටද ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත. බස්නාහිර පළාත් සභාවේ ගෘහ කාරක සභාව, සභා කටයුතු කාරක සභාව, අමාත්‍ය මණ්ඩලය කැඳවා සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවලින් අනතුරුව අද මේ අවස්ථාව වන විටත් පුටුගැන සෙවීමට පත්කළ කමිටුවත්න සභාවේ නීති අංශයත් කැඳවා හේමකුමාර නානායක්කාර මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
පුටු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදි අක්‍රමිකතාවයක් සිදුව ඇති බවත් ඒ අනුව පුටු ගෙන්වීම සම්පුර්ණයෙන්ම නැතැත්වීමට තමන්ගේ අවධානය යොමුව ඇති බවත් දැනට ඇණවුම් කර ඇති පුටු ගෙන්වීම නැවැත්වීමේදී අදාල ආයතනයට ගෙවීමක් කරන්නට සිදුවුවහොත් එයින් ඇතිවන පාඩුව මෙම පුටු ගෙන්වීමට කටයුතු කළ පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා මෙම සාකච්ඡාවලදී පවසා ඇති බවටද දැනගන්නට තිබේ.
බස්නාහිර පළාත් සභාවේ සභා ගර්භයට එක් පුටුවක් රුපියල් 644,000 බැගින් වන පරිදි පුටු 104ක් විදේශ රටකින් ගෙන්වීමට සූදානමක් ඇති බවත් ඒ ගැන සොයා බලා එම ගනුදෙනුව වහාම නවත්වන ලෙසත් ඉල්ලා පසුගිය මස 09 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා වෙත යොමු කරන ලද ලිපියකට අනුව මෙම පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට මේ අයම යෝජනා කරලා වැඩේ අවුල් වුනාට පස්සේ ඒ අයම කමිටු පත්කරනවා. හොරු අල්ලන එක හැර වෙන වැඩක් නැද්ද?
බලමු ඔබතුමා එහෙම කරයිද කියලා. අනිත් එක අපි කොහොමද දන්නේ පාඩුව මෙම පුටු ගෙන්වීමට කටයුතු කළ පාර්ශ්වයන්ගෙන් අය කර ගනීද කියලා. නැතිනම් අපේ සාක්කුවට විදීයිද කියලා.
අනේ අල්ලක් වැනි පුංචි රට 1956 කාලයේ පාලනය වුනේ අග්‍රාමාත්‍ය ආණ්ඩුකාර ඇතුළු ඇමතිලා 20 කින් පමණ. දැන් ජනාධිපති, අගමැති, මහා ඇමතිලා 9යි, ආණ්ඩුකාරවරු 9 යයි, ඇමතිලා මන්ත්‍රීලා විශාල ප්‍රමානයකුයි ඉන්නවා. ඔවුන් ලබා ගන්නා සැප පහසුකම්, මේවා රටක උසුලන්න බැරි වියදම් නේද?
මෙවැනි දේ බොහෝ තුන්වැනි ලෝකයේ රටවලින් අසන්නට ලැබෙන දෙයකි. ඊට හේතුව නම්, මේ බොහෝ මහජන නියෝජිතයින් මේ තනතුරු වලට පැමිණීමට පෙර එතරම් ධනවත් නොවන අතර, ඔවුන් තනතුරු වලට පැමිණි විගස ඔවුන් කරන්නේ මහජන මුදලින් හැකිතාක් දුරට සැප විඳීමට තැත් කිරීමයි.
අපරාදේ ඔය වැඩේ නවත්වපු එක . දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියෝ පාවිච්චි කරන ජාතියේ පුටු තමයි ඔය ගෙන්නන්න හැදුවේ රටේ කොහේ හරි කුමන හෝ ප්‍රශ්නයක් ඇතිවුන විටදී කරන්ට් එකක් වදින්න තමයි ඔය පුටුව හදල තියෙන්න . ඒ වගේම මොනවා හරි දුශ්චරිතයක් කරලා ඇවිත් ඔය පුටුවේ වැඩි වෙන්න බැරි තරම් ඕව රත් වෙනවලු .
බරපතල අපරාධයක් වෙන්නයි යන්නේ... මොළ ටික තැලෙයි.